සුප්‍රකට ඇමරිකානු සිනමාකරුවකු වන ‘ඩෙිවිඩි කීත් ලින්ච්’ පසුගිය ජනවාරි 16 වැනිදා වසර 78ක් ආයුෂ වළඳා සිනමා දිවියට සමු දුන්නේය. ඩෙිවිඩි ලින්ච් යනු ලාංකේය ප්‍රේක්ෂකාගාරය වෙත අලුතින් හඳුන්වාදිය යුතු සිනමාකරුවකු නොවෙි. ඩෙිවිඩි ලින්ච්ගේ සිනමාව සමඟ සක්‍රීය සහ පඨිතමය ලෙස ගනුදෙනු කළ පරමිපරාව වනුයේ ‘මිලේනියල්’ පරමිපරාව සහ ‘ජෙනරේෂන් Z’ පරමිපරාවයි. නූතන ඇල්ෆා පරම්පරාව ඩෙිවිඩි ලින්ච් වැනි විදග්ධ සිනමාකරුවකුගේ කියවීම අහිමි කරගෙන තිබෙන බව කණගාටුදායක කාරණාවකි. ඩෙිවිඩි ලින්ච් වැනි ජීවිතය පිළිබඳ පරිණත දැක්මක් සහිත සිනමාකරුවකුගේ දෘෂ්ටිය ප්‍රේක්ෂකයාට වැදගත්වන්නේ ඇයිද? යන්න විමර්ශනයට ලක් කළ යුතු ය.
ඩෙිවිඩි ලින්ච් ලෝක සිනමාව තුළ තම මුද්‍රාව සටහන් කරගන්නේ අධියථාර්ථවාදී (surrealist) සහ පර්යේෂණාත්මක (experimental) ශානරයේ චිත්‍රපට නිර්මාණය කිරීමෙි සිනමාකරුවකු ලෙසිනි. අදියුරු සිනමාකරුවකුවකුගේ හැඩයකට හිමිකමි කී ඩෙිවිඩ් ලින්ච් විසින් මනුෂ්‍යයන්ගේ පුද්ගල මනෝභාවයන් වෙත කැමරාව හැරවීම නිසා ම ඔහුගේ සිනමාව පඨිතයක් (text) කියවන්නට විද්වත් ප්‍රේක්ෂක ප්‍රජාව පෙළ ගැසී සිටියහ. විචාරකයන් ලින්ච්ගේ සිනමාව හැඳින්වුයේ ‘ලින්චියානු සිනමාව’ ලෙසිනි. සිනමාවෙි කර්තෘ න්‍යායෙහි පිහිටුවන ලින්ච් වඩාත් සමීප වන්නේ මිනිස් මනස විශ්ලේෂණය කරන්නට තැත දැරූ සිනමාකරුවකු ලෙසිනි. ඔහුගේ සිනමාව තුළින් ප්‍රකට වූයේ සමාජ සවිඤ්ඤාණිකත්වය වඩාත් පෘථුල පරාසයක් තෙක් විහිදුවමින් සංකීර්ණ දේශපාලනමය ගැටලු ගොනුවකි. ලින්චිගේ සිනමාව නිවැරදිව කියවන්නට ආශාව, ෆැන්ටසිය, යථාර්ථය සහ දෘෂ්ටිවාදය ආදී ආධාරක මෙවලමි පරිහරණය කළ යුතු ය.
හොලිවුඩි සිනමාවෙි ස්ටීවන් ස්පීල්බර්ග්, ජේමිස් කැමරන්, රිඩිලි ස්කොටි වැනි අධිපතිවාදී සිනමා ධාරාවෙි සිනමාකරුවන්ට සාපේක්ෂව ඩෙිවිඩි ලින්ච් වඩාත් සුප්‍රකට ලෙස මානවයාගේ ආශාවෙි කලාපයන් මොනවාද? යන්න විශ්ලේෂණය කළේය. ප්‍රේක්ෂකයා සහ සිනමා තිරය අතර පැවති පරතරය ලින්ච් විසින් බිඳ දැමීය. ලින්ච්ගේ සිනමාව නරඹන ප්‍රේක්ෂකයා වික්ෂිප්තවන කාරණාව වන්නේ අවිඥානික ආශාව සිනමා තිරය මත දැකීමයි. නිදර්ශනයක් ලෙස ලින්ච් අධ්‍යක්ෂණය කළ ‘Lost Highway’ චිත්‍රපටයේ අන්තර්ගත වන්නේ පිරිමියකුගේ ලිංගික ෆැන්ටසියයි. චිත්‍රපටයට ප්‍රස්තූත වන කතා වස්තුව සෑම මනුෂ්‍යයකුට පොදු වූ කාරණාවකි. විවාහ ජීවිතයකදී මූලික වශයෙන් රඳා පවතින්නේ ලිංගිකත්වය, විශ්වාසය සහ ආදරය මතය. මින් ලිංගිකත්වය (sex) අතිශය වැදගත් සාධකයකි. විවාහයකදි 80%ක සාර්ථකත්වය රඳා පවතින්නට ලිංගික තෘප්තිය දෙපාර්ශ්වයටම එක සේ ලැබිය යුතු බව අප දනිමු. ලින්චිගේ මනෝවිද්‍යාත්මක සිනමාව වැදගත්වන්නේ මිනිසාගේ දෛනික ජීවිතයේ ලිංගික අනන්‍යතාවය පිළිබඳ අර්බුදය සාකච්ඡාවට ගැනීමෙි ක්‍රියාදාමය වටායි. විශේෂයෙන් ලින්ච් අධ්‍යක්ෂණය කළ ‘Lost Highway'(1997) සහ ‘Mulholland Drive'(2001) චිත්‍රපට ද්විත්වය වඩා වැදගත් සිනමාකෘති වෙි. ලිංගික ෆැන්ටසිය පිළිබඳ ලින්ච්ගේ කියවීම කුමක්ද? යන්න ඔහුගේ ‘Lost Highway’ වැනි චිත්‍රපටයක් ඔස්සේ සාකච්ඡා කළ හැකිය.
ලින්ච් විසින් ‘Lost Highway’ හරහා පෙරබිමට කැඳවන්නේ ලිංගික තෘප්තියේ සංකීර්ණත්වයයි. චිත්‍රපටයේ කතා නායකයා ‘ෆ්‍රෙඩි මැඩිසන්’ නමි සැක්සෆෝන් වාදන ශිල්පියෙකි. ඔහුට ‘රෙනී’ නමි රූමත් බිරිඳක් සිටියි. නමුත් ෆ්‍රෙඩිට තම බිරිඳව සයනයේදී ලිංගිකව තෘප්තිමත් කිරීමට අසමත් වෙි. ෆ්‍රෙඩි තම බිරිඳව සැක කරයි. බිරිඳගේ ලිංගික ආශාව ෆ්‍රෙඩීට ප්‍රෙහේළිකාවක් වූ විට ඉන් මිදීමට ඔහු විසින් ෆැන්ටසියක් නිර්මාණය කර ගනී. ඒ ෆැන්ටසියේ ෆ්‍රෙඩ් නැවත පුනරුප්පත්තිය ලබන්නේ කාන්තාවන් වසඟවනසුලු කඩවසම්බවක් ඇති තරුණයෙක් ලෙසිනි. එම තරුණයා නමින් පීටර් ඩෙටන් වේ. ඔහු වෙනකෙකුගේ අනියම් බිරිඳක් වන ඇලිස් නම් වූ රූමත් සුන්දර ගැහැනිය සමඟ මිත්‍ර වේ. ඇයට ලිංගික තෘප්තිය සපයයි. ප්‍රංශ මනෝවිශ්ලේෂණවාදියකු වන ‘ෂාක් ලැකාන්’ ආශාව සමිබන්ධයෙන් කියූ සුප්‍රකට කියමනක් තිබෙි. එනමි ”අපගේ ආශාව යනු අනෙකාගේ ආශාවයි.”
ලිංගික ෆැන්ටසියත්, ආශාවත් සාම්‍ය වන අපුරු අවස්ථාවක් සිනමාටයේ දැක්වෙයි. ඒ වාහන ලාමිපු එළියෙන් කාන්තාරය මධ්‍යයේ දී රමණයේ යෙදෙන ඇලිස් සහ පීටර්ගේ රූප දාමයයි. මෙම රමණය සිදුවෙන අවස්ථාවෙහි තිරය පුරා දැඩ් ඇලෝකයක් ගනී. අතිශයින් දීප්තිමත් ය. නරඹන්නාට මෙම සිනමාත්මක රූපයන් දෙස අඛණ්ඩව බලා සිටීමට අපහසු වෙි. එහෙත් මෙම සිදුවීම තුල ෆැන්ටසි මටිටමෙිදී පවා මෙම සබඳතාව බිඳ වැටෙන බව සැණෙකින් චිත්‍රපටයෙහි අනාවරණය වෙයි. රමණයේ යෙදෙන අතරතුර පීටර් ඇලිස්ට මෙසේ පවසයි.
පීටර් -; “මට ඔයාව ඔිනෙ. මට ඔයාව ඔිනෙ”
සුළු මොහොතකට පසු ඇලිස් “ඔයාට කවදාවත් මාව අයිති වෙන්නෙ නෑ.” යැයි පවසමින් සරලව ඉවතට ඇවිද යයි. ඇලිස් අසල ඇති කුටියක් වෙත පිවිසෙන විට චිත්‍රපටය ආශාවෙි ලෝකයට ආපසු පැමිණෙන අතර පීටර් යළිත් ෆ්‍රෙඩි මැඩිසන් බවට පත් වෙි. පීටර් ඔහුගේ ආශාව සහ සාර්ථක ලිංගික සබඳතාව පවත්වා ගැනීමෙි අද්දරට ළඟා වන විට ඔහුට ආශාවෙි වස්තුව මුළුමනින්ම අහිමි වේ. ෆැන්ටසියට යා හැකි දුරක් ඇති බව ලින්ච් විසින් ප්‍රකාශ කර ඇත. එය සදාකාලික පවතින්නේ නැත. පුපුරා යාමට නියමිත වූවකි. ‘Lost highway’ චිත්‍රපටයේ ෆ්‍රෙඩ්ගේ ෆැන්ටසි ලෝකය එසේත් නැත්නම් ප්‍රමෝදය පුපුරා යන්නේ එඩීගේ මැදිහත් වීමෙනි. එඩී මෙහිදි සංකේතිය පියා වේ. ඔහු පීටර් ඇලිස්ගෙන් ලබා ගන්නා ප්‍රමෝදය තහනම් කරයි. එවිට සමාජ යථාර්ථයේ නීරස බව දරා ගැනීමට ෆ්‍රෙඩ් හදාගන්නා ෆැන්ටසි ලෝකය තුලද මතු වන්නේ අර්බුදකාරි තත්ත්වයකි. ෆැන්ටසිය තුළින්ම ෆ්‍රෙඩිගේ විනෝදයට සීමාවක් පනවයි. “පිරිමියෙකු තමන් නපුංසකයකු යැයි වරදවා වටහා ගතහොත් ඔහු වීරයකු බවට රූපාන්තරණය වීමට ඕනෑම විනාශයක් සිදු කරාවි” යැයි ලින්චි වරක් පැවසුවේය.
‘Lost Highway’ චිත්‍රපටයේ පිරිමි ආත්මමූලික ෆැන්ටසිය හා ආශාව පිළිබඳ ගවෙිෂණයක යෙදෙන අතර, ‘Mullholand Drive’ මඟින් ස්ත්‍රී ආත්මමූලිකත්වයේ ෆැන්ටසිය සහ ආශාව පිළිබඳ ගවෙිෂණයක යෙදෙයි. ලින්චිගේ සිනමා ශෛලිය තුළ සංස්කරණය, කැමරාකරණය, ආලෝකකරණය, දෙබස් හා චරිත ගලායාම, වෙිෂ නිරූපණය යන සිනමාත්මක ශිල්ප ක්‍රම ආවෙිණික වෙි. මනෝවිශ්ලේෂණවාදය වඩාත් පෘථුල ලෙස කොලජ් සිතුවමි මෙන් සිනමාපට ඔස්සේ නිරූපණය කළහ. පුද්ගල අභ්‍යන්තරය ප්‍රඥාසමිපන්න ලෙස සිනමාගත කළ ‘ඩෙිවිඩි ලින්ච්’ මානුෂික හා සමාජය ප්‍රපංචයන් හඳුනාගත් ව්‍යක්ත සිනමාකරුවෙකි. ඔහුගේ සිනමාව වඩාත් සීරුවෙන් සහ අරපරෙස්සමෙන් පඨිතයක් ලෙස කියවීම වඩාත් යෝග්‍ය යැයි ප්‍රේක්ෂකයාට යෝජනා කරන්නේ සිනමා රූපයට ඇති බලගතුබව පිළිබඳ සංවාදයට ගතයුතු බව අවධාරණය කරමිනුයි.
මලින්ත විතානගේ