Home » ‘ගුරු ගීතය’ වේදිකාවට

‘ගුරු ගීතය’ වේදිකාවට

by Mahesh Lakehouse
March 16, 2025 12:30 am 0 comment

ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක චිංගීස් ආයිත්මාතව්ගේ First Teacher කෘතිය ඇසුරින් මංගල සේනානායක විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ‘ගුරු ගීතය ‘ මාර්තු 16 සවස 3.30 සහ 6.45 බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හී දී වේදිකාගත වේ.

ජයනි සේනානායක, අනුරාධ මල්ලව ආරච්චි, මාලි ජයවීරගේ,සුදර්ශන ක්‍රිෂාන්ත ඇතුළු පිරිස රංගනයෙන් දායක වන ‘ගුරු ගීතය’ ජූඩ් ශ්‍රීමාල්ගේ තවත් නිශ්පාදනයකි.

කමල් අද්දරආරච්චි රංග වස්ත්‍ර නිර්මාණය කරන මෙහි සංගීත නිර්මාණය ප්‍රබුද්ධ බුද්ධිප්‍රිය විසිනි.

හේමන්තගෙන් සෙෙල්ලන්ද කොල්ලෝ

 

හේමන්ත ප්‍රසාද්ගේ “සෙල්ලන්ද කොල්ලෝ” වේදිකා නාට්‍යය අප්‍රේල් 02 වන දින 3.30 සහ 6.30 එල්ෆින්ස්ටන් රඟහලේ දී වේදිකා ගත වේ. මෙය නිරෝශ් කවිරත්න නිශ්පාදනයකි.

තරු දරුවෝ – සුහද හමුවක්

කලා පසුබිමක් සහිත විවිධ කලා දක්ෂතා ඇති දරුවන්ගෙන් සුසැදි “තරු දරුවෝ” පදනම මගින් ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට උපහාර පිදීම සඳහා සුහද හමුවක් මාර්තු මස 15 වන සෙනසුරාදා උදෑසන 10.00 සිට 3.00 දක්වා සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකාවේ කලාවේ උන්නතිය වෙනුවෙන් කැපවුණු ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ඇගයීම මෙහි පරමාර්ථයයි. හෙළ කලා කෙතේ අනාගත පැවැත්ම සහ ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගේ සුබ සිද්ධිය සඳහා පියවර ගැනීම මෙන් ම රෝගී කලා කරුවන්ට උපකාර කිරීම, කලා පවුල් අතර සහයෝගීතාවය වර්ධනය කිරීම අරමුණු සහිත ව මෙම පදනම පවත්වාගෙන යනු ලබයි

කපුටු කොහෝ මාර්තු 27 සිට

ආචාර්ය සෝමරත්න දිසානායක නිර්මාණය කළ නවතම සිනමා නිර්මාණය, “කපුටු කොහෝ” දේශීය සිනමාවට අලුත් අත්දැකීමක් එක් කරමින් මාර්තු 27 වන දා සිට දිවයින පුරා සිනමාශාලාවල තිරගත වේ.

මෙය ජන සංගීත නාද රටා ආශ්‍රිත ගීත 25ක් සමග දේශීය නර්ථන රටා අනුව නිර්මාණය වූ නැටුම් සහිත සිනමාව සහ වේදිකාව සම්මිශ්‍රණය කර කෙරෙන නිර්මාණයකි.

සිංහබාහු චිත්‍රපටයෙන් සිනමාවට පැමිණි අලුත්ම සිනමා තාරකාව අභිලාශී, අමන්ද්‍යා, හර්ෂණ දිසානායක, පුංචි ගායන තාරකාව සිහේලි සහ නර්තනයෙන් දස්කම් පෑ රදීන් ඇතුළු හඳුන්වා දෙන තවත් අති දක්ෂයින් පිරිසක් සමඟ නිර්මාණය වූ මෙම සිනමාපටය තුළින් ගැඹුරු සමාජ පණිවිඩයක් ගෙන එන්නකි. සංස්කෘතික සහ සමාජීය වටිනාකම් වලින් පිරි, දූදරුවන් සමග නැරඹිය හැකි ආනන්දය සහ ආදර්ශය පිරි සුන්දර නිර්මාණයකි .

ප්‍රියංකර රත්නායකගේ ‘මනුෂ්‍ය පුත්‍රයා’ කැලණියේ දී

කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය , නාට්‍යවේදී ප්‍රියංකර රත්නායකයං විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ‘මනුෂ්‍ය පුත්‍රයා’ වේදිකා නාට්‍යය මාර්තු මස 19 සහ 20 දෙදින සවස 4.00 සහ 7.00 ට කැලණිය විශ්වවිද්‍යාල ධර්මාලෝක ශාලාවේ දී වේදිකාගත වේ.

විජිත් රොහාන් විසින් රචනය කරන ලද මනුෂ්‍ය පුත්‍රයා කැලණිය විශ්ව විද්‍යාලය සහ ව්ජිත් රොහාන්ගේ සම නිශ්පාදනයකි.”මනුෂ්‍ය පුත්‍රයා” වේදිකා කළමණාකරණය සහ නිෂ්පාදන කළමනාකරණය සංජීව ගුණරත්න විසින් සිදු කරයි.

‘චක්‍රායුධම්’ නාමෙල් මාලනී පුංචි තියටර් හිදී

මාර්තු 23 වන ඉරිදා ‘ චක්‍රායුධම් ‘ වේදිකා නාට්‍යය බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හී දී වේදිකාගත වේ. මෙය සචිත්‍ර රාහුබද්ධගේ නිර්මාණයකි.ප

වසරේ සිනා සාගරය ‘ හවුස් ෆුල්’ ලඟදීම

ශ්‍රී ලාල් ප්‍රියදේව විසින් අධ්‍යක්ෂණය කරන ‘හවුස් ෆුල් ‘ සිනමාපටය තිරගත වීමට නියමිත නවතම චිත්‍රපටයකි. මොහාන් පෙරේරාගේ ප්‍රධාන නිශ්පාදන දායකත්වයෙන් කරනු ලබන ‘හවුස් ෆුල් ‘ සුනිල් ටී ප්‍රනාන්දු සහ ගිහානි වීරසිංහ සම නිශ්පාදනයකි.

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි , චූලක්ෂි රණතුංග, ජීවන් කුමාරතුංග, මිහිර සිරිතිලක,නිලන්ති ඩයස් වැනි ජනකාන්ත නළු, නිළි රැසක් මෙහි රංගනයෙන් දායක වේ.

සිනමාවට අලුත් බලාපොරොත්තුවක්

ශ්‍රී ලංකා සිනමා වංශකතාවේ නව වන කාන්තා අධ්‍යක්ෂකවරිය වෙමින් විනෝෂා කිරිවන්දෙනියගේ කුළුඳුල් සිනමා නිර්මාණය ” Hello from the Other Side ” චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගියදා පැවැත්වුණි. ඒ සඳහා කලා කරුවන්, මාධ්‍යවේදීන් රැසක් එක් ව සිටියහ. මෙම සිනමාපටය ළඟදීම සිනමාශාලාවල තිරගත වීමට නියමිත ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division