ළමා නායකත්ව වැඩමුළුවට අයදුම්පත් භාර ගැනේ
කොළඹ ළමා පොත් සංගමය විසින් 37 වැනි වරටත් පවත්වනු ලබන ළමා නායකත්වය පිළිබඳ පුහුණු වැඩසටහන මාර්තු 29 දින රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාර පරිශ්‍රයේදී පැවැත්වේ.
ඒ සම්බන්ධ උනන්දුවක් දක්වන වයස අවුරුදු 10-18 අතර සිසු-සිසුවියන්ට 0718153788 යන වට්සැප් අංකයට පණිවිඩයක් එවීමෙන් වැඩිදුර විස්තර ලබාගත හැකි ය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පූර්ණ සහයෝගයෙන් පැවැත්වෙන මේ වැඩමුළුවට ශ්‍රී ලංකාවේ ගුවන් ඉතිහාසය පිළිබඳව ගුවන් යානයක් තුළ සිට පවත්වනු ලබන විශේෂ දේශනයක් සහ තවත් දේශන කිහිපයක් ඇතුළත් වන අතර, මේ සඳහා සහභාගි වන සිසු සිසුවියන්ට වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.
වැසි දවසක්
එදා උදෑසන පාසල් යෑමට මා අවදි වූයේ ගොරවන හඬකිනි. වැස්ස වහින්න පටන් ගත්තේය. අහස කළුකර වැස්ස තදින් ඇද හැලිණි. අපට සීතලක් දැනිණි. තද අවුව නිසා අමාරුවෙන් සිටි අපට වැස්ස සතුටක් ගෙනාවේය. මමත් අක්කත් ආසාවෙන් වැස්ස දෙස බලා සිටියෙමු. තදින් සුළං හමන්නට විය. ගස් සුළඟට සෙලවෙයි. අපේ මිදුල ජලයෙන් පිරිණි. මමත් අක්කාත් කඩදාසි ඔරු සාදා පා කළෙමු.
අනුගි උදම්සා කංකානම් ගමගේ
4 ශ්‍රේණිය බී, අනුලා විද්‍යාලය, නුගේගොඩ.
විරුවෝ
රට අඳුරින් මුදාගැනුමට
දිවි පිදූ විරුවන්ට
දිවි ඇති තෙක්ම
පුදමි ප්‍රණාමය
ආර්. පංජලී උපර්ණා
7 ශ්‍රේණිය ඩී,
තක්ෂිලා මධ්‍ය විද්‍යාලය
හොරණ
හඳ මාමා
රෑ අහසේ
වටකුරුවට
සුදුට පේනවා
.
අහස පුරා
බැබළි බැබළි
සිනා නඟනවා
හඳ මාමා
පුංචි අපට
ආදරෙ දෙනවා
සකුණ ලෙව්මිත
6 ශ්‍රේණිය
ඒෂින් ගැමර් පාසල
ගොතටුව
මගේ සුරතලා
මගේ සුරතලා බල්ලෙකි.
මගේ සුරතලාගේ නම රැන්ඩි.
මගේ සුරතලා වැඩිපුරම කන්න කැමැති වට්ටක්කා සහ බත්ය.
මගේ බවුවා හරි සුරතල්.
සෙනුලි තෙහස්නා
4 ශ්‍රේණිය ඒ, ලුම්බිණි විදුහල,
වැල්ලවත්ත.
වැඩිහිටියන්ට සලකමු
වැඩිහිටියෙකු දුටු විට නැඟිට අසුන පිරිනැමිය යුතුය.
ඔවුන් දෙන අවවාද පිළිගත යුතුය.
වැඩිහිටියන් යනු අපට වඩා බොහෝ දැනුම් තේරුම් ඇති අයය. එම නිසා ඔවුන්ට හිස නමා ආචාර කළ යුතුය. වැඩිහිටියන් වැඩිහිටි නිවාසවලට නොදැමිය යුතුය. අපි ඔවුන්ට ගරු කළ යුතුය.
ටී. එම්. මනුද්යා සෙනෙස්වි
5 ශ්‍රේණිය ‘සී‘, මාම්පේ කනිෂ්ඨ විද්‍යාලය, පිළියන්දල.
මා දුටු සුන්දර වනය
වනය කියන්නේ සුන්දර තැනකි. වනය හරියට රඟමඬලක් වගේ එහි මොනරු නටනවා. කුරුලු රෑන් පියාඹනවා. කපටි නරියන් ඉන්නවා. වනයේ අහිංසක සතුන් මෙන්ම නපුරු සතුනුත් ඉන්නවා. කැලේ මහා වෘක්ෂ තියෙනවා.
අහල්යා වික්‍රමසිංහ
4 ශ්‍රේණිය, කාන්තා විදුහල,
කොළඹ.
උදෑසන අසිරිය
උදෑසනම අවදි වන කුකුළා හඬ නඟා සැම දෙන අවදි කරයි. හිරු නැඟ එනවාත් සමඟ කුරුල්ලන්, මී මැස්සන්, බඹරුන් වැනි සත්තු කෑම සෙවීමට පියාඹා යති. උදැල්ල කරේ තබාගත් ගොවියෝ කුඹුරට යති. ළමයි උදෑසනම අවදි වී කිරි කොකුන් සේ සුදට සුදේ දිලිසි දිලිසි පාසල් යති. කිචි බිචි ගා ගයන කුරුල්ලන්ගේ සින්දු ඉතා මිහිරිය. හිරු ගින්දර බෝලයක් සේ මට දිස් විණි.
උදෑසන ගමේ පාසලේ වාදනය කරනු ලබන මිහිරි ගීත මුළු ගමටම ඇසේ. උදෑසනම සේවයට යන මිනිස්සු දුම්රිය අල්ලා ගන්නට බස්රථ අල්ලා ගන්නට දුවති. රාත්‍රියේ පෑයූ සඳ උදෑසනම බසිනා ආකාරයද ඉතා මනරම් දසුනකි. මේ අතර, රාත්‍රියේ කෑම සොයා ගිය වවුලෝ, බකමූණෝ උදෑසනම ගස්වලට එති.
වයි.එච්. හිරුන් කවීෂ් පුන්සික
6 ශ්‍රේණිය ඒ, විද්‍යාලෝක විද්‍යාලය
ගාල්ල.