ආස්වාදනීය ආදරය
කවියාණනි
තවමත් අප හදවත්හි
ඔබ වැජඹේ
මක් නිසාද යත්
ඔබ රචිත
මිහිරි ගී පද
මිනිස් දිවියේ
අපූර්වත්වය
අප ඉදිරියේ
ප්‍රතිනිර්මාණය
කළ නිසාය
මරණය
දොරටුව අසලම හිඳිමින්
ජීවිතය රළු ලෙස
බිඳ දමද්දිත්
දෙතොල වෙව්ලමින් මුත්
එකඳු වදනක් හෝ
මුමුනන්න නොහැකි විටදීත්
ඔබ ජීවිතය ගැන
මහා ආස්වාදනීය ආදරයකින්
කවි ලියූ හෙයිනි
1824 සැප්තැම්බර් 24 දා ඔහියෝහි උපන් Phoebe Cary කාන්තාවන්ගේ අයිතිවාසිකම් උදෙසා කටයුතුවල යෙදුණු කාන්තාවකි. ඇය කාන්තා කටයුතු සමඟම නිර්මාණශීලි කාව්‍ය රචනා කළාය. කාව්‍ය පතපොත කෙරෙහි මහත් සේ ඇලුම් කළ ඇය කාව්‍ය ග්රන්ථ කීපයක්ම මුද්‍රණ ද්වාරයෙන් ඉදිරිපත් කළාය. මේ කාලයේ කාන්තාවක මේ අයුරින් සමාජයේ කටයුතු කිරීම කලාතුරකින් සිදු වන සිදුවීමකි. ඕ 1871 ජූලි 31 වැනිදා ජීවිතයෙන් සමු ගත්තාය. මේ ඇය විසින් රචිත Otway කවියේ අනුවාදයයි.
අනුවර්තනය: සමන් ගුණහේරත්
බල මෙවලම්
මහඟු නොවන
උඩඟුකම
ඕනැ තරම්
එහෙත් නැත
බලවත්
පවනේ පාවෙන
විහඟුන්ගේ
පියාපත්
ලයනල් ගමගේ ඌරුමුත්ත
වැස්ස වසින්න හෝ පායන්න
පුරා ඇත නව වයින් බඳුන
කුටිය නිසි ලෙස උණුසුම් හෝ සිසිලය
භව-භෝග පුරා ඇත
රන්වන් ලියන් උණුසුම්ය සිසිලය
අසුන් බෙහෙවින් එළවයි සුව
කොතරම් සීතල පැමිණියද මා වෙත
නොදැනේ මවෙතට නම්
මිහිදුම් කෙලෙස වදින්නද කුටියට
කැමැති නම් වැසි වසින්න
නැතහොත් උණුසුම්ව පායන්න
අකුණු ගසමින් දුඹුරු පෑ දියරැල් සදා
කැමැති තරමක් වසින්න
නැතිනම් උණුසුම්ව පායන්න
මම මගේ කුටියේ හිඳිමි
සුනිල් ලීවානගේ
සිහින
ජීවිතේ අඳුර
පලවා හැර
නන් පැහැ ගන්වන
සිත් අහසේ
දිග හැරෙනා
සලරූ සිතුවම්
නයන්ත ජගත් පුංචිහේවා
දවස සුන්දරයි
සුපුෂ්පිත දවසකි
දන්නෙ අප විතරකි
විහඟ ගී දැහැනකි
වසත් මල් උයනකි
තමලු ලිය සෙවණැලි
නීල අඹ ගඟුලැලි
අතුළ මල් පියවිලි
මින්දදගෙ සැණකෙළි
බොඳ වුවත් දේදුන්න
හැඩයි සමනල තැන්න
අහස් ගව් දුර ගැන්න
සඳ මෝදු වෙයි අන්න
පෙම් පවස නිවාලයි
මධු ලවන් පෙති සිඹියි
තොටුපොළට තව දුරයි
ගඟ ඔමරි කොට බලයි
මහගම සීලානන්ද හිමි
ශ්‍රී ලංකා හයිකු
ගිම්හානයට මඟහැරුණු
විලෝ පත
සිසිරයේ හිම මත තිබී අහුලමි
පාලිත සේනාරත්න
***************************
අහසට යොමු වූ
මාළු ඇස්
වෙළෙන්දාත්
අහස බලමින්
සුදර්ශනී කුරුප්පු
***************************
සිසිර රාත්‍රිය
නිවුණු ගිනි උඳුන ළඟ
මහල්ලෙක්
රම්‍යා අත්තනායක
***************************
පශ්චාත්තාපය
රෝස මල
තවමත් මා ළඟය
මෙච්චර සන්තෑසි
තැවුල් බර අබිමුව
යනව නම්
ඈ ගොස්ය
නළල මත
චුම්බනය තවරන්න පෙර සේ
වෙලා නෑ කුලවමිය
කෝච්චිය වැරදුණොත් රතු ඉර
ගවුමෙ අත් පිසිමින්
ඈ අවුත්
බත් මුල තබා මේසය මත
කියාගෙන යයි දිගට
පොඩි දුවගෙ පන්ති ගාස්තුව
දහ දහයි
ස්කූල් වෑන් එක හය දහයි
ලයිට් බිල ගෙව්වෙ නෑ
මේ මාසෙ
කෝච්චියෙ හූ හඬ
දුර ඇහෙයි
මල්සරෝ
එදා නුඹ නෑවිත්ම හිටිය නම්
මං හරිම නිදහස්
අනුර එස්. ප්‍රේමකුමාර
සංසාර සෙවණැල්ල
දිවා රෑ නිඳි වරා
පුරා සුවහස් පැතුම්
මගේ ලොව පහන් කළ
සෞම්‍ය වූ සඳ කිරණ
ජය මෙන්ම පැරදුමද
මහමෙරක් ලෙස නොගෙන
ජීවිතේ දිනන්නට
සුවහසක් දරු කැලට
පෙවූ සිප් කිරි සේම
කිසිත් වෙනසක් නොකර
ගලන ගඟුලක්ම විය
බෙදා දුන් කුලුණු ගුණ
විඩාපත් සිත නිවන
කිසිදු දින අත් නොහැර
නෙතඟ දැවටී ඉන්න
මගේ අම්මා තමයි
සංසාර සෙවණැල්ල
අශානි රාජකරුණා
මංමුළාව
ගෙවන දිවියට අරුත් දීමට
නොයෙක් අය දරන වෙහෙසක්,
හෙමින් යන එන ගමන් දුටුවා
කුසට අහරක් නැති අය
හිසට සෙවණක් නැති අය
වාරු නැති සමහර අය
නැවතිලා දොඩමලු වන්නට
දුන්නෙ නෑ මට හිත ඉඩක්
එහෙම සිත පාරගත් මා,
ගමනේ යෙදුණා දුක්මුසු සිතින්
මේ දිවියේ මොනාදෝයැයි ඉතිං
සිතින් තද කොට
පියමන් කළා බිමට හැරවුණු හිසින්
මංමුළා වූ කෙනකු විලසට
බලා පිය නැඟුවා හෙමින්
දකින සිතුවම්
පාට කෙරුමට හිටිය නම් සිත්තරාවක්
පින්සලක් අතැතිව ඉපදුණා නම්
කරමි ලොව මම වර්ණවත්
දුලාංජලී නිශ්ශංක
මුර පදය
නුඹට මා කෙරෙහි ඇති සැබෑ සෙනෙහස
කොතෙක්ද තරම දැන මැනගන්න එවිගස
සොඳුරු හදට පිවිසෙන්න සමඟ සනහස
දෙන් හද පරිගණක මුර පදය මියුලැස
දෙනුවන් සලා සරපුවරු රතැඟිලි මෙන
මිමිනුම් කළා ප්‍රේමාතුර හැඟුම් දැන
මා දෙස බලා නෙක අංග ලක්ෂණ දෙන
මා හද වෙලා මුත් ළෙන්ගතුව කොපමණ
ලොල් වඩමි හද දොරින් රිංගා යෑමට
සඟවා ඇති සෙනෙහස් ලිපිනයෙ පිහිටට
එබී බලනවිට මෘදුකාංග ඇතුළට
ළෙන්ගතුකම දැනගත හැකි කොපමණ මට
සුපෙම් වෙබ් අඩවි අසල සැරි සරන්නෙමි
සොඳුරු දසුන් ඇප්වල ගොසින් බලන්නෙමි
කෙටි මං ඔස්සේ අධ්‍යයනය කරන්නෙමි
මේ හැම දේ ප්‍රේමයම බව හැඳිනගමි
සරත් කුමාර වික්‍රමගේ