Home » පොත් පුවත්

පොත් පුවත්

by Mahesh Lakehouse
March 16, 2025 12:30 am 0 comment

‘බියන්කා’ පරි­ව­ර්ත­නය බ්‍රහ­ස්ප­තින්දා පාඨක දෝතට

රුසි­යානු ලේඛක, රුසි­යානු ළමා අර­මු­දලේ සභා­පති දිමීත්‍රි ලිහ­නෝව් සමඟ පැවැ­ත්වෙන හමු­වක් සහ ඔහුගේ ‘බියන්කා’ කෘතිය මහින්ද සෙන­රත් ගමගේ සූරීන්ගේ පරි­ව­ර්ත­න­යෙන් සිංහල භාෂා­වෙන් දොරට වැඩීමේ උත්ස­ව­යක් සංස්කෘ­තික කට­යුතු අමාත්‍ය මහා­චාර්ය හිනි­ඳුම සුනිල් සෙනෙවි, රුසි­යානු තානා­පති ලෙවාන් ජග­රි­යාන් සහ රුසි­යානු මන්දි­රයේ අධ්‍ය­ක්ෂිකා මරියා පපෝවා මහත්ම මහ­ත්මීන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් බ්‍රහ­ස්ප­තින්දා (20) ප.ව. 3.00ට කොළඹ 7, නිද­හස් මාවතේ රුසි­යානු මන්දිර ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවැත්වේ. බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශය, කොළඹ රුසි­යානු මන්දි­රය සහ රුසි­යානු සාහිත්‍ය කවය එක්ව මෙය සංවි­ධා­නය කරනු ලැබේ.


චාල්ස් දයා­න­න්දගේ ‘මම අහස වෙමි’ 29 දා ජන­ගත වේ

ප්‍රවීණ චිත්‍ර ශිල්පි චාල්ස් දයා­න­න්ද­යන් විසින් රචිත ‘මම අහස වෙමි’ කෘතිය මේ මස 29 සෙන­සු­රාදා පෙ.ව. 10. 00ට ආනන්ද කුමා­ර­ස්වාමි මාවතේ, මහ­වැලි කේන්ද්‍ර­යේදී ජන­ගත වේ. බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනෙවි, ප්‍රවීණ කිවි­යර රත්න ශ්‍රී විජේ­සිංහ, ප්‍රවීණ නාට්‍ය­වේදි පරා­ක්‍රම නිරි­ඇල්ල මහ­ත්ව­රුන් මෙහිදී දෙසුම් පැවැ­ත්වී­මට නිය­මි­තය.


සබුද්ධි කාව්‍ය සම්මාන සඳහා කෘති භාර ගැනේ

සබුද්ධි සංග­මය මඟින් වාර්ෂි­කව පව­ත්වනු ලබන ‘සබුද්ධි කාව්‍ය සම්මාන’ සඳහා කාව්‍ය කෘති භාර ගැනීම මාර්තු 30 දින දක්වා සිදු කෙරේ. ප්‍රකා­ශන ආය­ත­න­යක් මඟින් හෝ කර්තෘ ප්‍රකා­ශ­න­යක් ලෙස හෝ 2024 වසර තුළ පළ කරන ලද කවි පොත් මේ සඳහා ඉදි­රි­පත් කළ හැකිය. ඒ සඳහා ඉදි­රි­පත් කරන කාව්‍ය සංග්‍රහ එක­කින් පිට­පත් 4 බැගින් වට්ස්ඇප් අංක­යක්ද සඳ­හන් කර ‘තමීර මංජු, සභා­පති, සබුද්ධි සංග­මය, අංක 2E/F03/U03, ලේක් ක්‍රෙස්ට්, මණ්ඩ­විල, අංගොඩ’ යන ලිපි­න­යට තැපෑ­ලෙන් හෝ ගෙනැ­විත් භාරදී ඒ බව +94710535566 යන අංක­යට වට්ස්ඇප් මඟින් දැන්විය යුතුය.


ලෝගු­වක් ඇඳි සරල මිනිසා

කර්තෘ – රොමේෂ් නෝනිස්
නුවන පොත් ප්‍රකා­ශ­න­යකි

ලක් කිතු සසුනේ අභි­වෘ­ද්ධි­යට මහත් මෙහෙ­ව­රක් කළ ආචාර්ය ජය­ලත් බල­ගල්ල පිය­තු­මන්ගේ දිවි පවත හා සසුන් සේවාව අලළා රචිත උප­හාර ග්‍රන්ථ­යකි. අග­ර­ද­ගු­රු­තු­මන් ප්‍රමුඛ කිතුනු පූජ­ක­ව­රුන් මතු නොව, මහා­නා­යක ස්වාමීන් වහන්සේ ඇතුළු සෙසු ආග­මික පූජක පක්ෂ­යද මීට ලිපි සපයා තිබී­මෙන් බල­ගල්ල පිය­තු­මන් ආග­මික හා වාර්ගික සුහ­ද­ත්වය වෙනු­වෙන්ද කැපව කට­යුතු කළ සැටි ප්‍රකට වේ.


විම­ල­රත්න කුමා­ර­ගම කාව්‍ය විම­ර්ශන

කර්තෘ – මල්දෙ­ණියේ ජය­තිස්ස
කර්තෘ ප්‍රකා­ශ­න­යකි

කොළඹ යුගයේ දෙවැනි පර­පුරේ ප්‍රවීණ කවි­යකු වූ විම­ල­රත්න කුමා­ර­ග­ම­යන් විසින් සිය ජීවි­තයේ අව­සාන භාග­යේදී කොත්මලේ ප්‍රදේ­ශයේ රාජ­කා­රියේ නියු­තුව සිටි සමයේ රචනා කරන ලද කවි පිළි­බඳ විග්‍ර­හ­යකි. කුමා­ර­ගම කවියා සහ නිර්මාණ සඳහා පසු­බිම් වූ කොත්මලේ ප්‍රදේ­ශය ගැන මනා අව­බෝ­ධ­යක් ඇති කතු­ව­ර­යාද ක්‍රියා­කාරි කවි­යෙකි.


මහා වනයේ භීති­කාව

කර්තෘ – ඩබ්ලිව්.ඕ.ටී. ප්‍රනාන්දු
ගිහාන් පොත් ප්‍රකා­ශ­න­යකි

අධ්‍යා­ප­නික කෘති ඇතුළු ළමා හා යොවුන් පොත් රැසක් රචනා කර ඇති කතු­ව­ර­යාගේ අලුත්ම යොවුන් නව­ක­තා­ව මහා වනයේ භීති­කාව නමින් ප්‍රකාශයට පත් වී ඇත. දරු­වන් සිව් දෙනකු මහ වන­යක් මැදදී විඳ ගන්නා ත්‍රාස­ජ­නක අත්දැ­කීම් සමු­දා­යක් කුතූ­හ­ලය දන­වන ලෙස පෙළ­ග­ස්වන මේ පොත අපූරු සිතු­වම් රැස­කින්ද සම­න්වි­තය.


කරු­ණා­වතී සහ පුස්ත­කා­ලය

කර්තෘ – කංචනා කුමාරි
දොඩං­ගොඩ
ෆාස්ට් පබ්ලි­ෂින් ප්‍රකා­ශ­න­යකි

කතු­ව­රි­යගේ කුලු­ඳුල් කෙටි­කතා සංග්‍ර­හ­යයි. හේම­ලයා, තවත් එක් දින­යක්, රියැ­ලිටි, දෙවැනි විවා­හය, සිතු­වම්, හඳු­නන නාඳු­නන, කරු­ණා­වතී සහ පුස්­ත­කා­ලය යනු­වෙන් කෙටි­කතා 7ක් මෙහි සංගෘ­හී­තය. මේ කතා රචනා කිරීමේදී කතුවරිය මනරම් බස් වහරක් භාවිතයට ගෙන ඇත.


නව­ග්‍රහ ශාන්ති යන්ත්‍ර නව­ග්‍රහ පූජාව, ධන්ව­න්තරී පුද­පූජා ශිව ශාන්ති ස්වයං­වර පූජාව

කර්තෘ – ජේ.ඒ.ඩී. පෙරේරා
උදය ප්‍රකා­ශ­න­යකි

ජ්‍යොතී­ර්වේදි, කලා­භූ­ෂණ ජේ.ඒ.ඩී. පෙරේරා විසින් නව­ග්‍රහ ශාන්ති යන්ත්‍ර, නව­ග්‍රහ පූජාව, ධන්ව­න්තරී පුද­පූජා, ශිව ශාන්ති ස්වයං­වර පූජාව යනුවෙන් ජ්‍යොතිෂ පුස්තිකා හත­රක් ප්‍රකාශයට පත් කර ඇත. එදි­නෙදා ජීවි­ත­යට අවශ්‍ය කරන ජ්‍යොතිෂ කරුණු රැසක් මේ එක් එක් කෘති­යේදී සරල බසින් ඉදි­රි­පත් කර තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division