Home » ජය මංගලම් – සුබ මංගලම් සංජානා-විහඟ

ජය මංගලම් – සුබ මංගලම් සංජානා-විහඟ

by Mahesh Lakehouse
March 16, 2025 12:30 am 0 comment
අනුෂා රණසිංහ

– මට ඕනේ වුණේ මොකක් හෝ වෙනසක් කරන්න
– ඔහු මාව හොඳින් තේරුම් අරන් ඉන්නව කියල තමයි දැනෙන්නේ
– වෙඩින් එක නිසයි ඇඟ අඩු කර ගත්තේ

සංජානා ඔනාලි ගමාරච්චි කියන්නේ නව පරපුරේ දක්ෂ සුන්දර රංගන ශිල්පිනියක්. සංජානාට මේ සතියම මංගල සතියක්. පසුගිය සතියේ පැවති බ්‍රයිඩ් ටු බී එක ගැනත් බොහෝ දෙනා කතා බහ වෙද්දී මේ සතියේ ඇයගේ මංගල උත්සවය උත්සවශ්‍රීයෙන් පැවැත්වුණා. බොහෝ දෙනා කියන පරිදි ලංකාවේ උසම බ්‍රයිඩ් ටු බී කේක් එක සහ ඉවෙන්ට් එක වෙන්නේ සංජානාගේ බ්‍රයිඩ් ටු බී එක. ඒ නිසාම සිළුමිණ රසඳුන මේ කතාබහ ඒ ගැන

මුලින්ම සංජානා සහ විහඟට සුබ මංගලම්

බොහොම ස්තුතියි සිළුමිණ රසඳුනට.   

හැමෝම කතාවෙන්නේ සංජානාගේ බ්‍රයිඩ් ටු බී ඉවෙන්ට් එක ගැන?

ඇත්තෙන්ම ඔව්… හැමෝම වගේ ඒ ගැන කතා වෙනවා. මට ඕනේ වුණා මොකක් හෝ වෙනසක් කරන්න. මම මගේ අදහස් ටික ප්‍රොමිසස් බයි හංසලී සමරවික්‍රම ආයතනයට කිව්වම හංසලි අක්කා තමයි මගේ බ්‍රයිඩ් ටු බී ඉවෙන්ට් එක මේ විදියට සිදු කළේ.

මිතුරියන් විශාල පිරිසක් එකතු වෙලා හිටියා?

ඇත්තෙන්ම ඔව්. මගේ මිතුරියන් විදියට හිටියේ අනුරාධා එදිරිසිංහ, ලෝචනා ජයකොඩි, නයෝමි තක්ෂිලා, රුමාලි කෙෂිඩා, සප්නා පාදුක්ක , සචිනි දිල්හාරා, අපුර්වා ආශාවරී, අමන්දා ජයරත්න, සුදීක්ෂා සමාධි.

ලංකාවේ උසම බ්‍රයිඩ් ටු බී කේක් එක සහ ලොකුම ඉවෙන්‍ට් එක සාර්ථක කර ගන්න එකතු වුණු ටීම් එකත් මතක් කරමු?

මට ඕනේ වුණේ මොකක් හෝ වෙනසක් කරන්න. මේ වෙනස මට කරලා දුන්නෙ හංසලී සමරවික්‍රම අක්කා. මෙහි සියලුම සංකල්පය සහ සැලසුම ප්‍රොමිසස් බයි හංසලී සමරවික්‍රම ආයතනයයි. හංසලී අක්කා ඇතුළු කණ්ඩායම මේ වෙලාවේ මතක් කරන්නම ඕනේ. විශේෂයෙන්ම කේක් එක නිර්මාණය කරපු ලංකා චාන්දනී සහ ඡායාරූපකරණය සහ වීඩියෝකරණය කළ ධනුෂ්ක සේනාධීර, හැඩගැන්වීම් කරපු කවින් පෙරේරා සහ විහඟ ඇතුළු පිරිසගේ කොණ්ඩා සැකසු කළ සැලෝන් ලියෝ , ඒ එක්කම මල් සැකසුම් කළ දිලුම් බණ්ඩාරව. අපි හැමෝගෙම ඇඳුම් නිර්මාණය කළේ එච් ඇන්ඩ් එච් බ්‍රයිඩ්ල් ආයතනය. බ්‍රයිඩ් ටු බී එක අපි ෂූට් එක කළේ පානදුර ද බාර්න් හවුස් එකේ. මේ සියලුම දෙනා වගේම මගේ මේ දවස ලස්සන කර ගන්න මහන්සි වුණු හැම කෙනෙක්වම මම ආදරෙන් මතක් කරනවා.

මංගල දිනය දවස් දෙකකට ගන්න හිතුවේ ඇයි?

මම ආස කළා සරල විදියට පෝරුවේ චාරිත්‍ර කරන්න. ඒක තමයි මුලින්ම තිබ්බේ. 10 වෙනිදා උදේ කාලයේ තිබ්බේ බොල්ගොඩ පැරඩයිස් හෝටලයේ. එක්කම මට අවශ්‍ය වුණා වෙනස් විදියේ මංගල උත්සවය පවත්වන්න ඒක මම කළේ 12 වෙනි බදාදා කොළඹ Shangri-La හෝටලයේ. එතැනදී මම ඩ්‍රස් කළේ වෙස්ටන් ඩ්‍රස් එකක්.

විවාහ ගිවිස ගෙන අවුරුදු කීයකට පස්සෙද මංගල උත්සවය ගන්නේ?

විවාහ ගිවිස ගෙන දැන් අවුරුදු එකහමාරකට පස්සේ තමයි මංගල උත්සවය ගන්නේ.

මේ කාලය තුළ විහඟව තේරුම් අරන් ඇතිනේ ද?

ඔව්. මම හිතනවා අපි දෙන්නා අපි දෙන්නව හොඳටම තේරුම් ගත්තා කියලා මේ ගෙවුණ කාලය තුළ. මම දකින්නේ අපේ මේ හමුවීම තමයි හොඳම හමුවීම කියලා. විහඟ කියන්නේ හරිම කාරුණික කෙනෙක්. ඔහු මාව හොඳින් තේරුම් අරන් ඉන්නවා කියලා තමයි මට දැනෙන්නේ.

සෑහෙන කාලෙකින් සංජානා දකිද්දී ලොකු වෙනසක් දැක්කා, වෙඩින් එක නිසාම ද කෙට්ටු වුණේ?

මම මෙල්බර්න් ගිය කාලේ තමයි මගේ ඩයට් ප්ලැන් එක පටන් ගත්තේ. මාස අටහමාරකින් තමයි ලංකාවට ආවේ. ඒ එද්දී කෙට්ටු වෙලා ආවේ. වෙඩින් එක නිසා තමයි ඇග අඩු කර ගත්තේ. දැන්නම් හිතෙනවා කෙට්ටු වෙලා වැඩියි වගේ කියලත්. මේ දවස්වල මම හිරු මෙගා ස්ටාර් එකේ ඩාන්ස් කරනවා. ඩාන්සින් කරද්දීත් තව චුට්ටක් ඇග කෙට්ටු වෙනවා වැඩියි. දිගටම මේ ගාණට ඉන්න උත්සහ කරනවා. බලමු ඉස්සරහට.

වෙඩින් එකෙන් පස්සේ ආයෙම ඔස්ට්‍රේලියාවට යනවද?

නැහැ. මම දිගටම ලංකාවේ ඉන්නවා.

දිගටම රංගන කටයුතු සිදු කරනවද?

ඔව්. එහෙම තමයි හිතන් ඉන්නේ. මේ වෙද්දීත් නිර්මාණ කිහිපයක වැඩ කරනවා. ගොඩක් අය හිතන් ඉන්නේ විවාහෙන් පස්සේ මම ආයේ විදෙස්ගත වෙයි කියලා.

අනාගතය ගැන සැලසුම් මොනවද?

අනාගතය ගැන ලොකු සැලසුම් නැහැ. එන විදියට මුහුණ දෙන්න තමයි උත්සහ කරන්නේ. මේ වෙද්දී ලංකාවේ මගේම කියලා ව්‍යපාර කටයුතු කිහිපයකුත් පටන් ගන්නවා. ඒ වැඩ කටයුතු ගැන ඉදිරියේදී කියන්නම්. ඒ දේවල් සාර්ථක කර ගන්න ගමන් සතුටින් ජිවිතේ ගත කරන එක තමයි බලාපොරොත්තුව.

ඡායාරූප – ධනුෂ්ක සේනාධීර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division