42
යම් සැකකරුවකු හෝ වැරදිකරුවකු පොලීසිය විසින් ප්‍රශ්න කර සත්‍යය අසත්‍යය මතු කර ගැනීම අදට දක්නට ඇති සාමාන්‍ය මාදිලියයි. මීට අමතරව ඇත්ත නැත්ත පැහැදිලිවම මතු කරගැනීමේ අටියෙන් පොලිග්‍රැෆ් පරීක්ෂණයක් සිදු කිරීම නූතන තත්ත්වය වී තිබේ. මේ නූතනත්වය දරා සිටින උපකරණය ක්‍රියා කරන්නේ රුධිර පීඩනය, හෘදය ස්පන්දනය, ශ්වසනය සහ දහඩිය වැනි භෞතික විද්‍යාත්මක ක්‍රියාකාරකම් වාර්තා කිරීම මඟිනුයි.