ඉන්දුනීසියාවේ ටික්ටොකර් පරිශීලක තරුණියක ජේසුස් වහන්සේගේ ඡායාරූපයක් සමඟ තම දුරකතනයෙන් කතා කරමින්, කොණ්ඩය කපාගන්නා ලෙස පැවසූ බවක් වාර්තා වෙයි. එය සමාජගත වනවාත් සමඟ එරට බලධාරීන් ඉදිරිපත් වී එම පුද්ගලයාට වසර තුනකට ආසන්න කාලයක සිර දඬුවමක් නියම කර තිබේ.
ටික්ටොක් රසිකයන් 442,000කට වඩා සිටින කාන්තාවක මේ ආකාරයට කටයුතු කර ඇති අතර, ඇය වෙනුවෙන් මේ අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් වූයේ, ක්‍රිස්තියානි කණ්ඩායම් කිහිපයක් ඇයට එරෙහිව දේවාපහාසය සම්බන්ධයෙන් පොලිස් පැමිණිලි ගොනු කිරීමෙන් අනතුරුවය. මේ අධිකරණ තීන්දුව හෙළාදකිමින් මානව හිමිකම් කණ්ඩායම් ටික්ටොකර්ගේ ප්‍රකාශනයේ නිදහසට එනයින් බාධා වී ඇති බව කියමින්, ඒ දඬුවම අවලංගු කරන ලෙසත් ඉල්ලා සිට ඇත.