අය-වැය තෙවැනි වර කියවීම වැඩි ඡන්ද 114කින් පසුගිය සිකුරාදා (21) පාර්ලිමේන්තුවේදී සම්මත විය. සිකුරාදා පස්වරු 7.30ට පමණ ඡන්ද විමසීම පැවැත්වූ අතර, එහිදී
අය-වැයට පක්ෂව ඡන්ද 159ක් හිමි විය. විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 45කි. ඡන්දය දීමෙන් කිසිවෙකුත් වැළකී නොසිටියහ.
මේ වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පෙබරවාරි 17 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව දින 7ක කාලයක් විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවති අතර, පෙබරවාරි 25 දින දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්විණි. එහිදී අය වැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත වූ අතර අය වැයට පක්ෂව ඡන්ද 155ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 46ක් පමණි.
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා සෙනසුරාදා දින 4ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිතව තිබිණි. අය වැය කාරක සභා විවාදයේ අවසන් දිනය වූ පසුගිය 21 වැනිදා මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනිණි.
nසුභාෂිණි ජයරත්න
ජාතික ජන බලවේග ආණ්ඩුවේ මංගල