ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් මීගමුව ශාඛාවට සම්බන්ධ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කටාන පාරිභෝගික සේවා නියෝජිත කාර්යාලය (Agency Business Development Center-ABDC) පසු ගිය මාර්තු 06 වැනිදා අංක 195/2, දෙල්ගස් හන්දිය, කටාන හීදී විවෘත කිරීමත් සමඟ ඉහළ බස්නාහිර ප්‍රදේශය තුළ සිය පැවැත්ම පුළුල් කරන ලදි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන නිලධාරී – ව්‍යාපාර නාමලී ඒ සිල්වා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී/ජාතික විකුණුම් (ජීවිත) ප්‍රධානී ජගත් වෙල්ගම ඇතුළු ඉහළ බස්නාහිර ප්‍රාදේශීය කළමනාකාරීත්වය සහ ජීවිත හා සාමාන්‍ය රක්ෂණ අංශ නියෝජනය කරමින් මීගමුව ශාඛා කළමනාකාරීත්වය, සම්භාවනීය ආරාධිතයින් සහ ඉහත ශාඛාවන්ට සම්බන්ධ පාරිභෝගිකයින් ද සහභාගී විය.