Home » COYLE නව සභාපති පත් වේ හිටපු සභාපති ඇගයේ

COYLE නව සභාපති පත් වේ හිටපු සභාපති ඇගයේ

by sachintha
March 23, 2025 1:20 am 0 comment

තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ (COYLE-කොයිල්) 2025 වසර සඳහා වන වාර්ෂික මහා සභා රැස්වීම පසුගිය දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රි – ලා හෝටලයේදී සාර්ථකව පැවැත්විණි. මෙම රැස්වීම, ආර්ථීක සංවර්ධනයේ හා නවෝත්පාදනයේ ඉදිරි ප්‍රවණතා පිළිබඳ මඟ පෙන්වන තීරණාත්මක අවස්ථාවක් වූ අතර, ආර්ථීක වර්ධනය හා ගෝලීය ව්‍යාප්තිය පිළිබඳ නව ප්‍රවේශයක් ලබා ගැනීමට ප්‍රමුඛ අවස්ථාවක්ද විය.

මෙම අවස්ථාවේදී, COYLE & 2025/2026 වසර සඳහා නව සභාපති ලෙස මංජුල විජේසුන්දර මහතා පත් කර ගන්නා ලදි. 2024/2025 කාලය සඳහා සභාපති ලෙස කටයුතු කළ තුෂිර රදැල්ලගේ මහතා, නවෝත්පාදනය පෙරදැරි කරගෙන සිදු කළ මෙහෙවර මෙහිදී සුවිශේෂී ඇගැයුමට ලක් විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division