ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණයේ නැවුම් හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවට සුප්‍රිම් ටීවී හඳුන්වා දෙන නවතම අන්තර්ජාල රූපවාහිනී සේවා වේදිකාව (OTT platform), සෑන්ඩ්බ්‍රික්ස් ( “SANDBRIX”) එළි දක්වයි.
ලොව අන්තර් ජාල රූපවාහිනී සේවා ක්ෂේත්‍රයේ විප්ලවීය ක්‍රියාකරුවකු වන Andbrix සමාගම සමඟ එක්ව මෙතෙක් ලොව ඇති අති නවීනතම තාක්ෂණික භාවිතාවෙන් බලගැන්වූ ශ්‍රී ලංකාවේ නවතම අන්තර්ජාල රූපවාහිනී සේවා වේදිකාව (OTT platform) සෑන්ඩ්බ්‍රික්ස් ඉදිරියේ දී බාධා, අවහිරතා රහිත රසාස්වාදයක වෙනස නැවුම් තාක්ෂණය ඔස්සේ නිර්මාණාත්මක රූ දසුන්වලින් ගෙන එනු ඇත.
දේශීය විදේශීය ක්‍රීඩා තරගාවලින් කිසිදු බාධාවකින් තොරව සජීවීව සැණින් එසැණින් නරඹන්න, උසස් තත්ත්වයේ රූ දසුන් සමඟින් ලොව සුපිරි චිත්‍රපට, ටෙලි නාට්‍යය, සංගීත වැඩසටහන්, ක්‍රීඩා වැඩසටහන්, දැන් සිටිනා ඕනෑම තැනකදී ඔබ නෙත් මානයට ගෙන එන්නට සුප්‍රීම් ටීවි හඳුන්වා දෙන Sandbrix (සෑන්ඩ්බ්‍රික්ස්) හරහා අවස්ථාව සැලසෙනු ඇත.