AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ බැංකු රක්ෂණ හවුල්කාරිත්වයෙහි පුරෝගාමියා ලෙස, නොබෝදා සිය 20 වසරක විශිෂ්ටත්වය උත්සවශ්‍රීයෙන් සමරන ලදි. AIA හි බැංකු රක්ෂණ අංශය සහ එහි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ සාමාජිකයින්, සියලුම බැංකු හවුල්කරුවන් සහ බ්‍රෝකර් හවුල්කරුවන්ගේ සහභාගීත්වයෙන් “20 Years of Partnership Distribution” යන මැයෙන් මෙම අවස්ථාව උත්සවශ්‍රීයෙන් සමරන ලදි.
AIA ඉන්ෂුවරන්ස්, මෙරට බැංකු රක්ෂණ ක්ෂේත්‍රය තුළ පෙරමුණ ගෙන කටයුතු කරමින්, නව ප්‍රමිතීන් සකසමින් සිටින අතර, මෙම උත්සවයේ දී NDB, DFCC, Commercial සහ Pan Asia යන බැංකු, NDB Wealth Management ආයතනය සහ බ්‍රෝකර් හවුල්කරුවන් යන සිය දිගු කාලීන බැංකු රක්ෂණ හවුල්කරුවන් වෙත, ඔවුන් AIA කෙරෙහි තබා ඇති විශ්වාසයත් පසුගිය වසර ගණනාව පුරාවට ලබාදෙන ලද සහයෝගයත් වෙනුවෙන් සිය කෘතඥතාවය පළ කරන ලදි.