Home » Sakura Power Solutions වෙතින් Leapton සූර්ය බලශක්ති මොඩියුල

Sakura Power Solutions වෙතින් Leapton සූර්ය බලශක්ති මොඩියුල

by sachintha
March 23, 2025 1:23 am 0 comment

කාර්මික සහ වාණිජ ක්ෂේත්‍ර සඳහා උසස් තත්ත්වයේ සූර්ය බල ශක්ති විසඳුම් සපයන Sakura Power Solutions සමාගම, Leapton සූර්ය බලශක්ති මොඩියුල මෙරටට හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ බලයලත් Leapton සූර්ය පැනල බෙදා හරින්නා වන එම සමාගම කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය, සහ දිගුකාලීන තිරසාරභාවය තුළින් පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් ඇති කරමින් සිටී. 100% ක් ජපන් සන්නාමයක් වන Leapton චීනයේ නිෂ්පාදිත පළමු පෙළ සූර්ය පැනලයක් ලෙස වර්ගී කරණය කර ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් Sakura Power Solutions සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරි හරේන් පෙරේරා පැවැසුවේ, ” Leapton සන්නාමය මෙරට වෙළෙඳපොළට හඳුන්වා දීම අප තැබූ සුවිශේෂී ඉදිරි පියවරක්. ඒ තුළින් කාර්යක්ෂමතාව සහ දීර්ඝකාලීන කාර්ය සාධනයක් සහිතඋසස් තත්ත්වයේ සුර්ය බලශක්ති විසඳුම් සඳහා වන ප්‍රවේශය වඩාත් පුළුල් කළ හැකියි… ” යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division