Home » කාන්තා දිනයේදී ලංකා හොස්පිට්ල්ස් කාන්තා සුවතා සත්කාරයේ දශකය සමරයි

කාන්තා දිනයේදී ලංකා හොස්පිට්ල්ස් කාන්තා සුවතා සත්කාරයේ දශකය සමරයි

by sachintha
March 23, 2025 1:15 am 0 comment

කාන්තා යහපැවැත්ම වෙනුවෙන් දශකයකට ආසන්න කාලයක් ළඟා වන ලංකා හොස්පිට්ල්ස් කාන්තා සුවතා මධ්‍යස්ථානය, මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම සමඟින් මෙම සුවිශේෂී සන්ධිස්ථානය සනිටුහන් කරයි.

2016 දී ආරම්භ කරන ලද කාන්තා සුවතා මධ්‍යස්ථානය පරිපූර්ණ සෞඛ්‍ය සේවා සපයන අතර, පරිපූර්ණ පරීක්ෂණ පැකේජ සහ උසස් රෝග විනිශ්චය සහ ප්‍රතිකාර විකල්ප ලබාදෙයි. මෙම වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන WWC විසින් වැඩිදියුණු කළ වෛද්‍ය තාක්ෂණයන්, පුළුල් පරාසයක විශේෂිත සේවාවන් සහ කාන්තාවන්ට සුව පහසු සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වය සුරැකෙන පසුබිමක ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා නිර්මාණය කර ඇති රෝගී – කේන්ද්‍රීය ප්‍රවේශයක් හඳුන්වා දෙයි. ” සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙස, කාන්තාවන්ගේ යහපැවැත්මට සහාය වීම සඳහා අපගේ සේවා අඛණ්ඩව වැඩි දියුණු කිරීමට අපි කැපවී සිටිමු… ” යනුවෙන් ලංකා හොස්පිට්ල්ස් ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකු ආරච්චි පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division