එකල පුද්ගලයකු සතුව රුපියල් ලක්ෂයක් පවතී නම් ඒ පුද්ගලයාට තම නිවෙස ඉදිරිපිට කොඩියක් දැමීමට අවසර හිමි විය. තෝමස් ආතර් ද සොයිසාට ද ඒ වරම හිමි වූයේ ඔහු එකල ලංකාවේ සිටි ධනකුවේරයකු වූ බැවිනි. මෙසේ රෙජිනා වලව් අධිපතිටද තම නිවෙස ඉදිරිපිට කොඩියක් එසවීමට වරම් හිමි වූ බව කියවේ.
‘විද්‍යාල මන්දිරය’ ප්‍රේමයේ සහ විරහවේ සන්ධිස්ථානයක්
ශ්‍රී ලංකාවේ දිගුකාලීන ඉතිහාසය වාර්තාගත කරන්නා වූ සාධක රාශියක් වර්තමානයේද සුරක්ෂිතව පවතී. ඒවා මඟින් අතීත තොරතුරු හෙළි කරගත හැකි වන්නා සේම, ඓතිහාසිකත්වය දෑස් අබියස දැක බලා ගැනීමට අවකාශයද සැලසීම අපූරුය. ඉපැරණි යුගයට අයත්, අභාවයට නොගොස් අදටත් සුරක්ෂිතව පවතින, බොහෝ දෙනාගේ අවධානයට නතු වූ එවන් සුවිශිෂ්ට මන්දිරයක් පිළිබඳ කතාවයි මේ.
එය නම් අනෙකක් නොව, වර්තමානයේ ‘විද්‍යාල මන්දිරය’ හෙවත් ‘කොලේජ් හවුස්’ ලෙස හඳුන්වනු ලබන, කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය ලෙස භාවිත කෙරෙන විශ්වවිද්‍යාල ආයතනයයි. මෙමඟින් අද වන විට විශාල සේවාවක් සිදු වන අතර, එය විශ්වවිද්‍යාලයට ඉමහත් ගෞරවාන්විත බවක් ද එක් කර ඇත. එහි අතීතය තුළ සැඟව ඇත්තේ එක් පැතිකඩකින් බලන කල සුන්දර වූත්, තවත් පැතිකඩකින් බලන විට සෝචනීය වූත් කතාන්දරයකි.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඓතිහාසික පරිවර්තනයක් සමඟ සමීප බැඳීමක් ‘කොලේජ් හවුස්’ නම් වූ මන්දිරය හා බැඳී පවතී. වර්තමානයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පරිපාලන ඒකකය ලෙස සියලු කටයුතු සිදු වන්නේ මේ විද්‍යාල මන්දිරය තුළය. මීට සියවසකට වඩා වැඩි කාලයක අතීත තොරතුරු රැසක් මේ කොලේජ් හවුස් නම් වූ විද්‍යාල මන්දිරයේ ගබඩා වීම ඉතා වැදගත්ය. 1921 සිට උසස් අධ්‍යාපනයට අඛණ්ඩ සබඳතා ඇති, රටෙහි දැනට පවතින පැරණිතම විශ්වවිද්‍යාල ගොඩනැඟිල්ල මෙය ලෙස හඳුන්වනු ලැබේ. ආතර් ද සොයිසාගේ පෞද්ගලික නිවෙස වන රෙජිනා වලව්ව වර්තමානයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පරිපාලන ස්ථානය බවට පත්ව තිබේ. කොළඹ තුම්මුල්ල හන්දියෙන් තර්ස්ටන් මාර්ගයෙහි පිහිටි (වර්තමානයේ මුනිදාස කුමාරතුංග මාවත) මේ විද්‍යාල මන්දිරය අද වන විට පිහිටි පරිසරයේ වෙනස්කම් සිදු වී ඇතත් මෙම විද්‍යාල මන්දිරයෙහි නම් කිසිදු වෙනසක් සිදුව නැත.
‘රෙජිනා වලව්ව’ යන නම මේ ගම්භීර ගොඩනැඟිල්ලට ලැබී ඇත්තේ රෙජීනා පෙරේරා අබේවර්ධන ළමාතැනිය හේතුවෙනි. ගාල්ලේ සුප්‍රකට පෙරේරා අබේවර්ධන පවුලට අයත් වූ ඇය විවාහයට පත් වූයේ එකල ලංකාවේ සිටි ධනවත්ම පුද්ගලයා ලෙස හැඳින්වෙන චාල්ස් හෙන්රි ද සොයිසාගේ සිව්වන පුත් තෝමස් හෙන්රි ආතර් ද සොයිසා සමඟිනි. එය එවකට පැවති සුප්‍රසිද්ධ විවාහ මංගලෝත්සවයක් වූ අතර, 1899 මාර්තු 2 දා ලන්ඩනයේ ඩේලි ග්‍රැෆික් පුවත්පතද ‘De Soyza – Perera Wedding’ යන සිරස්තලය සහිතව මේ විවාහ උත්සවය වාර්තා කර තිබිණි. නෝරා රොබට්ස් ද සිය කෘතියේ මෙම අලංකාර වූ මංගල උත්සවය පිළිබඳව කරුණු දක්වා තිබිණි. ගාල්ල කොටුවේ පිහිටි දේවස්ථානයකදී මෙම විවාහ මංගල්‍යය සිදු කර තිබේ. වෙඩින් කේක් හා අයිස්ක්‍රීම් මෙරටදී පළමු වරට විවාහ උත්සවයක දෙනු ලැබ ඇත්තේ මේ විවාහ මංගල්‍යය අවස්ථාවේදීය.
චාල්ස් හෙන්රි ද සොයිසා 1836 මාර්තු 3 දා මොරටුවේදී මුඩ්ලියාර් ජෙරෝනිස් ද සොයිසා දිසානායක සහ ෆ්‍රැන්ඩෙස්කා ද සොයිසා ළමාතැනී යන අයගේ එකම පුත්‍රයා ලෙස උපත ලැබීය. මොහු 19 වැනි සියවසේ ලංකාවේ ව්‍යවසායක ව්‍යාපාරවල කැපී පෙනෙන චරිතයක් විය. තෝමස් ආතර් ද සොයිසා තම අධ්‍යාපන කටයුතු අවසන් කිරීමත් සමඟ පවුලේ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ විය.
එකල පුද්ගලයකු සතුව රුපියල් ලක්ෂයක් පවතී නම් එම පුද්ගලයාට තම නිෙවස ඉදිරිපිට කොඩියක් දැමීමට අවසර හිමි විය. තෝමස් ආතර් ද සොයිසාට ද එසේ වරම් හිමි වූයේ ඔහු එකල ලංකාවේ සිටි ධනකුවේරයකු වූ බැවිනි. එවකට මොරටුවේ එසේ ලක්ෂයට කොඩි එසවූ පවුල් කිහිපයක් වූ බවද සඳහන් වේ. මෙසේ රෙජිනා වලව් අධිපතිටද තම නිෙවස ඉදිරිපිට කොඩියක් එසවීමට වරම් හිමි වූ බව කියැවේ.
කොලේජ් හවුස්හි ජීවිත කතාව ඇරඹියේ මොහුගේ විවාහයත් සමඟිනි. කෙසේ නමුත් මන්දිරයේ ඉදිකිරීම් නිම වීමට වසරකට පෙර – එනම්: 1911 වසරේදී – 28 හැවිරිදි වියේ පසු වූ පස්දරු මවක වූ රෙජිනා පෙරේරාට මරණයේ දොර විවර විය. ඒ පිත්තාශයේ සිදු කරන ලද ශල්‍යකර්මයක් නිසා සිදු වූ අධික රුධිර වහනයක් හේතුවෙනි. රෙජිනාගේ නිසල සිරුර රැගත් අවමංගල්‍ය රථය ධාවන පථය දිගේ සහ නිම වෙමින් පැවති මන්දිරයේ ආලින්දය හරහා රැගෙන යන ලදි. තම ආදරණීය බිරියගේ වියෝව පිළිබඳ බොහෝ වේදනාවෙන් සිටි තෝමස් ආතර් ද සොයිසා ඇය සිහි වීම පිණිස ඇය නමින් මේ මැඳුරට නම තැබීය. පසුකාලීනව රෙජිනා වලව්ව විකිණීමට මුල් වූ ප්‍රධාන කරුණක් වූයේ ද රෙජිනා පෙරේරා ළමාතැනීගේ අකල් වියොවය.
වර්ෂ 1920 වන විට තෝමස් ආතර් ද සොයිසාගේ ව්‍යාපාර බොහොමයක් අඩපණ වෙමින් පැවතිණි. මේ අතර, එවකට රජය මඟින් මේ වලව්ව මිලදී ගන්නා ලද අතර, 1921 ජනවාරියේදී ලංකා විශ්වවිද්‍යාලය විධිමත් ලෙස විවෘත කරන අවස්ථාවේ එය විශ්වවිද්‍යාලයට පැවරිණි.
තෝමස් ආතර් ද සොයිසාගේ කාලයේ සිට රෙජිනා වලව්ව මෙන් ම ඉන් එහා වූ ඇල්ෆ්‍රඩ් හවුස් හරහා බම්බලපිටිය මැජස්ටික් සිටි දක්වා ඉඩම් සියල්ල සොයිසා පවුලට අයත් විය. මෙම රෙජිනා වලව්ව තෝමස් ආතර් ද සොයිසා තම දියණියන් වෙනුවෙන් නිර්මිත සියලු ඇඳුම් අල්මාරි ආදී සියල්ලක්ම තවමත් මෙම විශාල මන්දිරය තුළ පවතී. ඔහු තම දියණියන් හට නම් තබා තිබුණේ අලංකාර පුෂ්පයන්ගේ නම්ය. ඒවා නම් වයලට්, ලිලියන්, පැන්සි ලෙස නම් තබා තිබිණි. ඒ මල් දියණියන්ගේ අල්මාරිවල කොටා තිබුණු අතර පිරිමි දරුවන්ගේ අල්මාරිවල අශ්වයකුගේ රූපයක් ලී කැටයමෙන්ම නිර්මිත කර තිබිණි. එසේම මෙම වලව්හි බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයට නිර්මිත විවිධ මෝස්තරයන් දැකබලා ගත හැකිය. රෙජිනා වලව්ව ප්‍රාදේශීයකරණය සඳහා වූ භූමියක් බවට පත් කිරීමෙන් එම යුගය ආත්මය මනාව පිළිබිඹු විය. එහෙත් එය බ්‍රිතාන්‍ය හරහා ලංකාවට පැමිණි ගෝලීය බලපෑම් සහ ඒවා වෙනස් කළ වඩාත් ක්ෂණික කලාපීය සබඳතා ද සංඥා කළේය. බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද සහ සිංහල වඩු කාර්මිකයන් මෙය ඉදි කරන ලදි.
මෙම වලව්වෙහි ලී වැඩ සිදු කර ඇත්තේ මොරටුවේ සිටි හොඳම වඩුකාර්මිකයන් පිරිසක් විසිනි. සිවිලිමේ සහ පඩිපෙල්වල සංකීර්ණ මල් මෝස්තරයන් නිර්මාණය කර තිබේ. මෙහි වැසිකිළිවල බෙන්ජම් පළිඟු පහන් කූඩු, එක්සත් රාජධානියෙන් ඩෙල්ෆ්ට් හෝ ජොන්සන් ටයිල් ගෙන්වා ඒවා මෙම ගෘහයට ඇල්ලීම මගින් නිර්මිතය. චීනයේ පෝසිලයෙන් බඳුන් සහ ප්‍රංසයේ වීදුරු මෙහි අදටත් පවතී. එසේම නාන කාමර තුළ සහ වැසිකිළි කාමර තුළ කිරිගරුඬ භාවිතයෙන් නිර්මාණයන් සිදුකර ඇති බව අදටත් දැක ගත හැකි සාක්ෂිය. රෙජිනා වලව්ව ටර්ට් සහ කේතුකාකාර වහල සහිතව නිර්මාණය කර ඇත්තේ වික්ටෝරියානු වාස්තුවිද්‍යාවට අනුකූලවය.
මේ වලව්වෙහි කාමර කිහිපයක් ඇති අතර ගොඩනැඟිල්ලේ ඉදිරිපස, පිටුපස සහ දෙපසට වන්නට වැරැන්ඩා නිර්මාණය කර ඇත. අභ්‍යන්තර කොරිඩෝවේ හැර එක් කාමරයක කුලුනු, ගෘහ නිර්මාණ අංග ඇතුළත් අලංකාර ලෙස සරසා ඇති අයුරු දක්නට ලැබේ. මෙයට ආභාසය ලැබී ඇත්තේ 1904 දී ආතර් සංචාරය කළ අලහාබාද්හි පිහිටි මෝතිලාල් නේරුගේ නිවෙස වන ආනන්ද භවන් (පසුව ස්වරාජ් භවන්) ලෙස හැඳින්වූ නිවෙස වෙතිනි. එමඟින් මේ රෙජිනා වලව්ව නිර්මාණය කිරීමට ආභාසය ලැබූ බව කියවේ. අනෙක් අතට, 1939දී ඉදි කරන ලද මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ දේවස්ථානය හා 1973දී ඉදි කරන ලද කොළඹ දේවස්ථාන කිහිපයක මෙම රෙජිනා වලව්ව නොහොත් කොලේජ් හවුස්හි ගෘහ නිර්මාණ ශිල්පය හා කැටයම් කලා භාවිතයට ගෙන තිබේ.
ආතර් ද සොයිසා රෙජිනා වලව්ව විකිණීමෙන් පසු අවිවාහකව සිටි දරුවන් සමඟ මොරටුවේ පරම්පරාගත නිවෙසට පැමිණ 1929 දී වයස අවුරුදු 55ක් වී මිය යනතුරුම එහි ජීවත් විය. කෙසේ නමුත් අවසානයේ රෙජිනා වලව්ව නොහොත් කොලේජ් හවුස් රෙජිනාගේ සහ ආතර්ගේ පරම්පරාවේ බොහෝ දෙනෙකුට ඉගෙනීමේ ආයතනයක් බවට පත් විය.
මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ තොටිල්ල වන එදා රෙජිනා වලව්ව තවමත් කොළඹ නගරයට රාජකීය අසිරිය එක් කරන්නේ එහි දිය උල්පත්වලින් තවමත් දිය දහරා ගලන සහ එහි පිටුපස ස්වාමියාගේ ධජ කාර්යමණ්ඩලය තවමත් උස්ව ලෙළදෙමින් සිටින බැවිනි. අද වන විට අධ්‍යාපන පීඨ විශාල ප්‍රමාණයකින් සමන්විතව පවතින රෙජිනා වලව්ව ලාංකේය ඉතිහාසයේ ඉපැරණි තොරතුරු බොහෝමයක් සඟවා තබා සිටී. සුන්දර ආදර කතාවක නිමාව මෙන්ම නව විද්‍යාලයක ආරම්භය මෙසේ සිදු විය. එය අද දහස් ගණන් දරුවන්ගේ අධ්‍යාපන තෝතැන්නක් බවට පත්ව ඇත්තේ අතීත මතක යළි යළිත් සිහිගන්වමිනි.
lරවිනි රුවන්පතිරණ