Home » ආදායම් වාර්තා තබමින් ඉදිරියට යන බීසීසී ලංකා

ආදායම් වාර්තා තබමින් ඉදිරියට යන බීසීසී ලංකා

by damith
March 23, 2025 1:08 am 0 comment
රසික කොටු­දු­රගේ

පෙර­දි­ගින් හිරු කෙමෙන් අව­ර­දි­ගට මාරු­වෙ­මින් තිබුණි. පඬු පැහැ ගත් දූලි­ව­ලා­වන් නාස් පුඩු සිර කරයි. පාර වසා නැඟි කළු දුමා­රය මැදින් අප රැගත් වෑන් රිය; පංචි­කා­වත්ත මීරා­ණියා වීදිය ඔස්සේ බීසීසී ලංකා ලිමි­ටඩ් පරි­ශ්‍රය වෙත ගමන් කර­මින් තිබිණ. එහි යාමට විශේෂ හේතු­වක් විය. ඒ වත්මන් ආණ්ඩුව යටතේ පාල­නය වන බීසීසී සමා­ගම පෙබ­ර­වාරි මාසය තුළ පම­ණක් මිලි­යන 121 ක වාර්තා­ගත විකු­ණුම් අග­යක් වාර්තා කළ බව සැල­වීම නිසාය.

සංචාරක නවාතැන්පළක් ලෙස පිළිසකර කිරීමට නියමිත ඉපැරැණි මන්දිරය

සංචාරක නවාතැන්පළක් ලෙස පිළිසකර කිරීමට නියමිත ඉපැරැණි මන්දිරය

අප බීසීසී පරි­ශ්‍රය වෙත ආ සැණින් විශාල යකඩ ගේට්ටු­වක් විවර විය. ඒ තුළින් අප ඇතුළු වූයේ වසර සීය­කට අධික ඉති­හා­ස­යක් සඟ­වා­ගෙන සිටින පොල් ආශ්‍රිත කර්මාන්ත පරි­ශ්‍ර­ය­ක­ටය. 1830 දී යුරෝපී­යන් විසින් මෙම ආය­තන ආර­මිභ කර තිබුණි. ‍බ්‍රිතාන්‍ය ලංකා සංස්ථාව (British Ceylon Corporation) ආරම්භ කර තිබුණේ අදින් වසර 107කට ඉහ­ත­දීය. ඒ මෙරට බ්‍රිතා­න්‍ය­යන් විසින් පාල­නය කළ අව­ධි­යේ­දීය. 1918 දී ඉන්දි­යාවේ ක්‍රියා­ත්මක වූ ප්‍රමුඛ යුරෝ­පීය සමා­ග­මක් වූ සින්ඩි­කේට් මඟින් හල්ට්ස්ඩොෆ් මිල්ස් ආය­තන අත් කර­ගැ­නීම බීසී­සීය ආර­ම්භ­යට මූලික අඩි­තා­ලම දමා තිබුණි. අන­තු­රුව සීමා­ස­හිත ලංකා බ්‍රිතාන්‍ය එක්සත් සංග­මය ලෙස ලංකාවේ සීමා­ස­හිත ඔරි­යන්ට් සමා­ගම, බ්‍රිටිෂ් සිලෝන් මිලින් කොම්පැනි ලිමි­ටඩ් සහ සිලෝන් ඇක්ස්ටැ­ක්සන් කොම්පැනි ලිමි­ටඩ් ඇතුළු එහි පූර්ණ හිමි­කා­රී­ත්වය සහිත ඊට අනු­බද්ධ සමා­ගම් එක­තු­වක් ලෙස බ්‍රිතාන්‍ය ලංකා සංස්ථාව (බීසීසී) ශ්‍රී ලංකාව තුළ නිෂ්පා­දන කට­යුතු ආරම්භ කළේය. 20 වන සිය­වසේ මැද භාගය වන විට බීසී­සීය ලංකා ආර්ථි­කයේ ප්‍රධාන නිෂ්පා­දන ආය­ත­න­යක් බවට පත්ව තිබුණි.

මුලින් බ්‍රිතාන්‍ය සමා­ග­මක් වූ බීසී­සීය 1970 ගණ­න්වල ආරම්භ වූ ජන­සතු කිරීමේ වැඩ­ස­ට­හනේ ප්‍රති­ඵ­ල­යක් ලෙස 1972 වර්ෂයේ දී ශ්‍රී ලංකා රජය යට­තට පවරා ගැනිණි. රටේ පොල් ආශ්‍රිත නිෂ්පා­දන සඳහා විශාල කාර්ය භාර­යක් ඉටු කළ මෙම කර්මාන්ත ශාලාව ක්‍රම­යෙන් විනාශ මුඛ­යට ඇදී ගියේ පසුව බල­යට ආ ආණ්ඩුව දේශීය නිෂ්පා­දන ආර්ථි­ක­යෙන් විවෘත ආර්ථික ප්‍රති­ප­ත්ති­යට මාරු වීමත් සම­ඟය. ඔවු­න්ගෙන් පසුව පත් වූ විවිධ රජ­යන් විසින් මෙය ඈවර කිරී­මට පිඹු­රු­පත් සක­ස­මින් ස්වාභා­වික මර­ණ­ය­කට ගොදුරු වීමට ඉඩ­හැර තිබුණේ රජයේ පාඩු ලබන ව්‍යාපා­ර­යක් ලෙස පෙන්වා දෙමිනි.

2006 වර්ෂයේ දී මෙම ආය­ත­නය ව්‍යාජ සමා­ග­මක් වෙත පවරා දීමට සියල්ල සූදා­නම් කර තිබූ අව­ස්ථා­වක එව­කට විප­ක්ෂය නියෝ­ජ­නය කළ මන්ත්‍රී­ව­ර­යකු වූ අනුර කුමාර දිසා­නා­යක මෙය රැක ගැනීම සම්බ­න්ධ­යෙන් සිදු කළ මැදි­හ­ත්වීම නොව­න්නට පසු­ගිය රජය පාඩු ලබන ආය­ත­න­යක් ලෙස මෙය වසා දැමී­මට හෝ විකුණා දැමී­මට ඉඩ තිබුණි. එම සැල­සුම එතුමා ජනා­ධි­පති ලෙස පත්වී­මත් සමඟ වළක්වා ගැනී­මට හැකි වීම ද දෛවෝ­ප­ගත වාස­නා­වක් බව මෙම ආය­ත­නයේ පැරණි සේව­ක­යන් අප සමඟ ප්‍රකාශ කර සිටි­යේය .

දේශීය නිෂ්පා­දන ඉහළ නංව­මින් ගෝලීය ප්‍රව­ණ­තා­ව­යන් හා මුසුව ආර්ථික වර්ධ­න­යක් අත්කර ගැනී­මට කට­යුතු කරන වත්මන් ආණ්ඩුව බල­යට පත් වීමත් සමඟ එලෙස පණ අදි­මින් සිටි බීසීසී ලංකා සමා­ගම නැව­තත් හුස්ම ගැනී­මට පටන් ගත්තේය.

සභා­පති ප්‍රසංග පෙරේ­රා

සභා­පති ප්‍රසංග පෙරේ­රා

වර්ත­මාන කර්මාන්ත හා ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන අමාත්‍ය සුනිල් හඳු­න්නෙත්ති මැති­තු­මාගේ අව­ධා­න­යට බීසීසී ලංකා සමා­ගම යොමු වන්නේ ආණ්ඩුවේ නිෂ්පා­දන ආර්ථික ඉලක්ක සපුරා ගැනී­මට ඉව­හ­ල්වන කර්මා­න්තා­ය­ත­න­යක් ලෙස මෙහි වැද­ග­ත්කම හඳුනා ගැනී­මත් සම­ඟය. ඒ අනුව වහා ක්‍රියා­ත්මක වන අමා­ත්‍ය­ව­රයා බීසීසී සමා­ගමේ නව සභා­ප­ති­ව­රයා ලෙස ප්‍රසංග පෙරේරා මහතා පත් කරන්නේ විශාල බලා­පො­රොත්තු රාශි­යක් ඇති­වය. ඒ ඔහු ශ්‍රී ලංකාවේ ඉහ­ළම බහු­ජා­තික සමා­ග­ම්වල නිෂ්පා­දන සහ සිල්ලර වෙළෙ­ඳාම පිළි­බඳ වසර 30කට අධික පළ­පු­රු­ද්දක් හා පසු­ගිය වසර 8ක කාලය තුළ තෙල් සහ තෙල් ආශ්‍රිත නිෂ්පා­දන පිළි­බඳ මනා පරි­ච­යක් සතු අයෙකු වූ බැවිනි.

එසේම පසු­ගිය ජන­වා­රි­යේදී සභා­පති ප්‍රසංග පෙරේ­රාට මෙම අභි­යෝ­ගය භාර­ගනු ලබන්නේ රට තුළ පොල් සම්බ­න්ධ­යෙන් ගැටලු රාශි­යක් පැන නැඟී තිබූ අව­ස්ථා­වක දී වීම ද විශේ­ෂය. ඒ පිළි­බ­ඳව බීසීසී හි නව සභා­ප­ති­ව­රයා සිළු­මි­ණට පවසා සිටියේ මෙවැ­න්නකි.

“මම වැඩ භාර ගන්නා අව­ස්ථාව වන විට බීසීසී සමා­ගම ඉතාම අක්‍රිය තත්ව­ය­කට පත්වෙ­මින් පැව­තුණේ. ඒ නිසා මම කළ පළමු කාර්යය වුණේ මෙහි සේවය කරන සෑම පුද්ග­ල­යෙ­කුට ම කතා කර ඔවුන්ගේ දක්ෂ­තා­ව­යන් හා හැකි­යා­වන් සහ අභි­යෝ­ග­ව­ලට මුහු­ණ­දීමේ හැකි­යාව මැන බැලී­මයි. මක්නි­සා­දය අභි­යෝ­ග­ව­ලට මුහුණ නොදී කුමන හෝ ව්‍යපා­ර­යක් ගොඩ­න­ඟා­ගත නොහැකි නිසයි. මම ඒ සඳහා පිය­වර තුන­කින් යුතු ක්‍රම­වේ­ද­යක් අනු­ග­ම­නය කළා. ඒ අනුව නිසි ක්‍රියා­කාරී සැලැ­ස්මක් හඳු­න්වා­දීම, රැකියා සුර­ක්ෂි­ත­භා­වය සහ­තික කිරීම තුළින් ආය­ත­නය කෙරෙහි සේවක විශ්වා­සය ගොඩ­නැ­ඟීම සහ නිසි සැප­යුම්, බෙදා­හැ­රීම් හා මෙහෙ­යුම් ජාල­යක් නිර්මා­ණය කිරී­මට පිය­වර ගත්තා. අද මේ ආකා­ර­යට ඔබ දකින බීසී­සීය නිර්මා­ණය වුණේ එලෙස සේව­ක­යින් බල­ගැන් වූ නිසයි.

මීට මාස දෙක­කට ඉහත දී බීසී­සීය රජයේ පාඩු ලබන ආය­තන අත­රට ඇතු­ළත් කර­ලයි තිබුණේ. සේව­ක­යින් පවා සිටියේ රැකි­යාව පිළි­බඳ අවි­නි­ශ්චිත තත්ව­ය­කයි. මේ ආය­ත­නය පැව­තු­නොත් පම­ණයි තමන්ගේ රැකි­යාව සුර­ක්ෂිත වෙන්නේ කියන කාර­ණය මා ඔවුන්ට අව­බෝධ කර දුන්නා. ඒ වගේම ඔවු­නුත් මේ ආය­ත­න­යට ආද­රය කරන, එහි දියු­ණුව ප්‍රර්ථනා කරන පිරි­සක් බව මට අව­බෝධ වුණා. ඔවුන් තුළ දක්ෂතා රාශි­යක් ඇති බව මට පෙනී ගියා.”

“ජනා­ධි­ප­ති­තු­මාගේ දැක්ම වන්නේ දේශී­යව නිෂ්පා­ද­නය කළ හැකි නිෂ්පා­දන රට තුළ නිප­දවා පිට රටින් ගෙන්වන භාණ්ඩ අවම කර රටේ ඩොලර් සංචි­තය ආරක්ෂා කර ගැනී­මයි. අපි මේ රටට අත්‍ය­වශ්‍ය භාණ්ඩ බොහෝ­ම­යක් නිෂ්පා­ද­නය කර­නවා. මෙහි වත්මන් නිෂ්පා­දන දෙස අව­ධා­නය යොමු කළොත් පොල්තෙල්, සබන්, ඩිට­ර්ජන්ට්, කාර්මික සහ ගෘහස්ථ පිරි­සිදු කිරීමේ කාරක හා විෂ­බී­ජ­නා­ශක ආදිය ඇතු­ළත් වෙනවා.

බීසීසී ලංකා සමාගමේ නිෂ්පාදන

බීසීසී ලංකා සමාගමේ නිෂ්පාදන

එදි­නෙදා ආහා­ර­යට ගන්නා පොල්තෙල් අතර බීසීසී පොල්තෙල් පාරි­භෝ­ගි­ක­යින් අතර ඉතා ජන­ප්‍රි­යයි. එය බීසීසී සුදු පොල්තෙල් සහ කුක්ස් ජෝයි ලෙස වෙළඳ නාම දෙක­කින් යුක්තයි.

අපේ පොල්තෙල් වෙළෙ­ඳ­පළේ තියෙන පොල්තෙ­ල්ව­ලින් වෙනස් වෙන්නේ පොල්තෙල් පිරි­සිදු කිරීමේ ක්‍රම­වේ­දය නිසයි. ඒ රසා­ය­නික ද්‍රව්‍යය හා කෘතිම දේ යොදා නොගෙන සාම්ප්‍ර­දා­යික ක්‍රම­වේ­දය භාවිතා කරන නිසයි. පොල් මිල කොප­මණ ඉහළ ගියත්, අපි කිසි විටෙ­කත් අපගේ නිෂ්පා­ද­න­වල ගුණා­ත්ම­ක­භා­වය පහළ දමන්නේ නැහැ. ඒ නිසා මේ පොල්තෙ­ල්ව­ලට ඉතා ඉහළ ඉල්ලු­මක් දේශීය මෙන්ම විදේශ වෙළෙ­ඳ­පොළ තුළත් තිබෙ­නවා. ඒ වගේම කියන්න ඕන අපට මේ හා සම්බන්ධ අමා­ත්‍යාං­ශ­ව­ලින් ලැබෙන සහ­යෝ­ගය නිසා අපේ නිෂ්පා­දන පසු­ගිය කාලය තුළ තුන් ගුණ­ය­කින් ඉහළ ගියා”.

සමා­ගම තව­දු­ර­ටත් ඉදි­රි­යට ගෙන යාමට සැල­සුම් කරන්නේ කෙසේ දැයි සභා­ප­ති­ව­ර­යා­ගෙන් අපි විමසා සිටි­යෙමු. “පළ­මු­වැන්න සේව­ක­යින්ගේ නිසි ධාරි­තා­ව­යන් හඳු­නා­ගෙන ඔවුන් නිසි පරිදි ස්ථාන­ගත කිරීම සහ ගුණා­ත්මක, අලෙවි කළ හැකි නිෂ්පා­දන වැඩි වශ­යෙන් නිෂ්පා­ද­නය කිරී­මයි. දෙවැන්න වෙළෙ­ඳ­පොළ තුළ පොල් ආශ්‍රිත නිෂ්පා­ද­න­වල පව­තින හිඟය හඳුනා ගෙන දැරිය හැකි මිල­කට ඒවා දේශී­යව නිෂ්පා­ද­නය කිරී­මයි. මීට අම­ත­රව මෙහි තිබෙන පෞරා­ණික ගොඩ­නැ­ඟිලි පිළි­බඳ විශේෂ අව­ධා­න­යක් යොමු කර තිබෙ­නවා. විශේ­ෂ­යෙන් මෙහි ඇති බ්‍රිතාන්‍ය යටත් විජිත යුග­යට අයත් පැරණි මන්දි­රය පිළි­ස­කර කර සංචා­ර­ක­යින් ආක­ර්ෂ­ණය කරන ඔවුන්ට නවා­තැන් ගැනී­මට හැකි ස්ථාන­යක් බවට පත් කිරී­මට මේ වන­විට සැල­සුම් කර තිබෙ­නවා. ඒ වගේම මේ ප්‍රදේ­ශයේ සෞඛ්‍ය ආර­ක්ෂි­තව කෑම වේලක් ගන්න තැනක් නැහැ. අලු­ත්කඩේ වීදී අව­න්හ­ල්ව­ලට තිබෙන ආක­ර්ෂ­ණය ප්‍රයෝ­ජ­න­යට ගනි­මින් පැරණි ගොඩ­නැ­ඟිලි අලුත් වැඩියා කර හෙළ බොජුන් අව­න්හ­ලක් ස්ථාපිත කිරී­මත් ඒ සැල­සුම් අතර තිබෙ­නවා. ඒ වගේම අධි­ක­රණ අමා­ත්‍යං­ශ­යට ඉඩම් ලබා දීම හේතු­වෙන් කඩා ඉවත් කළ කර්මා­න්ත­ශාලා වෙනු­වට වතු­පි­ටි­වල අප­න­යන සැක­සුම් කලා­පයේ නව තාක්ෂ­ණ­යෙන් යුත් පොල්තෙල් හා සබන් නිෂ්පා­දන කර්මා­න්ත­ශා­ලා­වක් ඉදි කිරී­මට අප සැල­සුම් කර තිබෙ­නවා.

අප මේ පිළි­බඳ විප­රම් කිරීම සඳහා සභා­ප­ති­ව­ර­යාගේ කාම­ර­යෙන් පිට­තට පැමිණ අවට පරි­ස­රය නිරි­ක්ෂ­ණය කළෙමු. සිනමා නිර්මාණ මෙන්ම ටෙලි නිර්මාණ සඳහා පසු­තල මෙහි ඕනෑ­ත­රම් තිබේ. එසේම සභා­ප­ති­ව­රයා පැවසූ පෞරා­ණික මන්දි­රය බැලී­ම­ටද අප අම­තක නොක­ළේය. ඇත්තෙන්ම එය බ්‍රිතා­න්‍යය යුගයේ ගෘහ­නි­ර්මාණ ශිල්පය මනාව පෙන්වන අපූර්ව නිර්මා­ණ­යකි. එය අද වඩාත් විචිත්‍ර වී ඇත්තේ අසල වූ නුග­රු­ක­කින් එහි අගය කලා­ත්මක අතින් තීව්‍ර කර තිබීම නිසාය.

බීසීසී සමා­ගම සතුව පව­තින ගබඩා සංකී­ර්ණ­වල ඇති සිය­ව­සක් පැරණි උප­ක­රණ කිහි­ප­යක් තව­මත් ක්‍රියා­කාරී තත්වයේ පවති. එක් කර්මාන්ත ශාලා­වක ‘සව­රින් බාර්’ නිෂ්පා­ද­නය කරනු අපි දුටු­වෙමු. එහි විශාල රෙදි සෝදන යන්ත්‍ර­යකි. එය පොල්තෙල් පිරි­ප­හ­දු­වට භාවිතා කරන රෙදි සේදීම සඳහා එකල සිට යොදා­ගත් රෙදි සෝදන යන්ත්‍රය බව මෙහි අලෙවි හා මානව සම්පත් කළ­ම­නා­කාර ජය­ති­ලක මහතා පෙන්වා දුන්නේය. “ පොල්තෙල් පිරි­ප­හදු කිරීම සඳහා මේ රෙදි ගෙන්වා තිබෙන්නේ ඉන්දි­යා­වෙන්. සාමාන්‍ය රෙදි වගේ නෙමෙයි හරිම ඝන­ක­මයි. ඒවා සාමාන්‍ය වොෂින් මැෂි­න්වල හෝ අතේ හෝ හෝදන්න බැහැ. ඒත් මේ මැෂින් එකේ හොදින් සේදෙ­නවා වගේම අවු­රුදු සීය­ය­කට වැඩි කාල­යක සිට මේක තාම එදා වගේම වැඩ කර­නවා යැයි” හෙතෙම පැව­සීය.

එසේම මෙහි තිබෙන අති­රික්ත ගබඩා විවිධ ව්‍යාපාර සඳහා කුලි­යට දී ඇති අයුරු ද අපට දැක ගත හැකි විය. ඒ අතර කෝටි­ග­ණ­නක් වටිනා අකුණු සන්නා­ය­ක­යක්ද අප දුටු­වෙමු. මෙය පසු­ගිය සමයේ බල­ධා­රීන් සොර­කම් කිරී­මට සැල­සුම් කර තිබූ නිසා එයට වෙනම ආර­ක්ෂා­වක් සැල­සී­මට අධ්‍යක්ෂ මණ්ඩ­ලය පිය­ව­ර­ගෙන තිබුණි.

බාර් සබන් ඇසුරුම් කරමින්

බාර් සබන් ඇසුරුම් කරමින්

දශක ගණ­නා­ව­කට පෙර, බීසීසී සමා­ගම බේරේ ඇලට සම්බ­න්ධව තිබුණු අතර එහි නිෂ්පා­දිත භාණ්ඩ කොළඹ වරායේ රැඳී තිබූ නැව්වෙත බත්තල් මඟින් ප්‍රවා­හ­නය කර ඇති බවට සාධක තිබුණි. එකල කෞතුක වටිනා කමින් පොහො­සත් එංග­ල­න්තයේ Robey ආය­ත­නය නිෂ්පා­දිත ගල් අඟුරු වාෂ්ප­යෙන් ක්‍රියා කරන ට්‍රක් රථ දෙකක් බීසීසී සමා­ගම සතුව තිබී ඇත. පසුව ඒවා නිෂ්පා­දිත එංග­ලන්ත සමා­ගම විසින් එහි තිබෙන කෞතුක වටි­නා­කම සලකා ඒවා සංර­ක්ෂ­ණය කිරී­මට බීසීසී සමා­ග­මෙන් ඉල්ලා තිබුණි. එහිදී එක ට්‍රක්ර­ථ­ය­කට අලුත් බෙන්ස් රථ හතර බැඟින් ලබා­දී­මට කතිකා කළද ඒවාහි කෞතුක මෙන්ම ඓති­හා­සික වැද­ග­ත්කම සලකා මෙම ට්‍රක්රථ ඔවුන් වෙත ලබා නොදී­මට කට­යුතු කර තිබුණි. මේ වන විට එම ට්‍රක් රථ දෙක රත්ම­ලාන ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස ආය­ත­නය සතුව පව­තින අතර ඒවා ක්‍රියා­කාරී මට්ටමේ පව­තින බව බීසීසී සමා­ගමේ සාමා­න්‍යා­ධි­කාරී චානක රන්ජන් මහතා පැව­සීය.

2025 ආර­ම්භ­යේදී, සමා­ග­මට අය විය යුතු රුපි­යල් මිලි­යන 148ක හිඟ ණය­කට මුහුණ දී සිටි අතර, ඒ වන විට මාසික විකු­ණුම් මිලි­යන 50- 07කට සීමා වී තිබුණි. අද, බීසීසී සමා­ගම සහ ගැනු­ම්ක­රු­වන් අතර ගිවි­සු­මට අනුව, අනු­මත ණය කාල­යට අදාළ ණය පම­ණක් ඉති­රිව පවතී. වර්ත­මා­නය වන විට අය වීමට ඇති හිඟ මුදල මිලි­යන 68කි. මෙම සාර්ථ­ක­ත්ව­යට හේතුව වී ඇත්තේ ඉතා කෙටි කාල­යක් තුළ දී සාර්ථ­කව ණය මුදල් අය කර ගැනී­මට කට­යුතු කිරී­මයි. එමෙන්ම මේ වන විට දිගු කාල­යක සිට පැවති සියලු ණය හා හිඟ බදු මුදල් ගෙවා අව­සන් කර ඇත. එය තම සමා­ගමේ සේව­ක­යින්ගේ එක­මු­තු­කම සහ දක්ෂ­තා­වයේ ප්‍රති­ඵ­ල­යක් බව සාමා­න්‍යා­ධි­කා­රී­ව­රයා පෙන්වා දෙයි.

සබ­න්වල ගුණා­ත්ම­ක­භා­වය පිළි­බඳ දර්ශ­ක­යක් වන TFM (සම්පූර්ණ මේද ද්‍රව්‍ය) අගය, ලංකාවේ ප්‍රමි­ති­යට අනුව පව­තින සබන් පම­ණක් බී සී සී ආය­ත­නය නිෂ්පා­ද­නය කරයි. සබන් නිෂ්පා­ද­නය කරන අනෙ­කුත් තර­ග­ක­රු­වන්ට සාපේ­ක්ෂව මෙහි නිෂ්පා­දිත සබන් වැඩි­කා­ල­යක් පාවිච්චි කළ හැකිය. එසේම විස රසා­ය­නික ද්‍රව්‍ය­ව­ලින් තොරව නිෂ්පා­ද­නය කරයි. බීසීසී සමා­ගම විසින් කාර්මික කට­යු­තු­වල යෙදෙන උද­විය සඳ­හාම “මෘදු සබන්” ද නිෂ්පා­ද­නය කරයි. එම­ඟින් පහ­සු­වෙන් කළු­තෙල්, මජං, ග්‍රීස් වැනි දෑ ඉවත් කිරී­මට හැකි අතර විෂ රසා­ය­නික සංඝ­ට­ක­ව­ලින් තොරය. එසේම මේ වන විට සෞඛ්‍ය සේවා සහ රෝහල් ඇතුළු කර්මාන්ත 100කට අධික සංඛ්‍යා­ව­කින් බීසීසී නිෂ්පා­දන සඳහා විශාල ඉල්ලු­මක් පවති.

පළ­පු­රුදු ආණ්ඩු හැම­දේම පාඩු ලබන බව පව­ස­මින් කුණු කොල්ල­යට විකුණා දම­මින් සිය ආර්ථික කළ­ම­නා­ක­ර­ණයේ නොහැ­කි­යාව මනා­වට ප්‍රද­ර්ශය සම­යක කිසිදු පළ­පු­රු­ද්දක් නැතැයි කී ආණ්ඩු­වක් තම ආර්ථික කළ­ම­නා­ක­ර­ණයේ හැකි­යාව මෙලෙ­සින් ප්‍රකට කිරීම; ඔවුන්ගේ ජාතික වග­කීම සහ වග­වීම මනාව ප්‍රද­ර්ශය කර­න්නකි.

මේ වන විට බීසීසී සමා­ගමේ නිෂ්පා­ද­න­වල ඉහළ ගුණා­ත්මක බව නිසා විදේ­ශීය ආයෝ­ජ­ක­යින් කිහිප දෙනෙ­කුගෙ අව­ධා­නය යොමුවී තිබෙන බවත්, ඔවුන් සමඟ සාකච්ඡා කර­මින් සිටින බවත්, ඉක්ම­නින්, අපගේ සන්නා­මය සහ ලාංඡ­නය ලොව පුරා සුපිරි වෙළ­ඳ­සැල් රාක්ක­වල දක්නට ලැබේවි” යැයි සභා­ප­ති­ව­රයා පව­සයි.

අභි­යෝ­ගා­ත්මක අර්බු­ද­කාරී වට­පි­ටා­ව­කට ඔරොත්තු දීමේ හැකි­යාව, දැක්ම සහ උපා­ය­මා­ර්ගික නාය­ක­ත්වය මඟින් වඩාත් දුෂ්කර ව්‍යව­සා­යන් පවා නැවත පුන­ර්ජී­වය ලද හැකි බව අද වන විට බී සී සී සමා­ගම ඔප්පු කොට හමා­රය.

කැපවූ ශ්‍රම බල­කා­යක්, නූත­න­යට ගැළ­පෙන නිෂ්පා­දන පෙළ­ගැ­ස්මක් සහ ව්‍යාපෘ­තිය සඳහා අභි­ලා­ෂ­කාමී සැල­සුම් සම­ඟින්, සමා­ගම නැව­තත් ශ්‍රී ලංකාවේ කාර්මික අංශයේ කැපී­පෙ­නෙන සාධ­නීය වර්ධ­න­යක් ළඟා කර ගැනී­මට සමත් වී ඇත . එය අඛ­ණ්ඩව වර්ධ­නය වන විට, බීසීසී සමා­ගම එහි පැරණි කීර්තිය නැවත ළඟා කර ගැනීම පම­ණක් නොව, ශ්‍රී ලාංකික ව්‍යව­සා­ය­ක­ත්වයේ නව පරි­ච්ඡේ­ද­යක් ද සල­කුණු කරනු ඇත.

ඡායාරූප – සුදත් මලවීර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division