ජනිදු ලෝචන ගුණවර්ධන කියන්නේ රංගන ක්ෂේත්‍රයේ දී අපිට හමුවෙන තවත් අලුත් තරුණ රංගන ශිල්පියෙක්. වෙළෙඳ දැන්වීම් සහ ටෙලි නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් අතරට එන ජනිදු සමඟ රසදුන කළ කෙටි කතාබහයි මේ…
මුලින්ම ජනිදු ගැන කිව්වොත්?
මගේ ගම පිළියන්දල. පාසල් ගියේ කොළඹ මහනාම විදුහලට. මම පවුලේ එකම දරුවා. මගේ පියා ඔෟෂධවේදියෙක් හා ව්‍යාපාරිකයෙක්. මව ගුරුවරියක්. මම සිවිල් ඉංජිනේරු (ගෞරව) උපාධිධාරියෙක්.
කලාවට කොහොමද සම්බන්ධ වෙන්නෙ ?
වෙළෙඳ දැන්වීම් හරහා තමයි කලා ක්ෂේත්‍රයට එන්නේ. දැනට මම නිරූපණයත්, රංගනයත් වගේම ටෙලි නාට්‍ය නිෂ්පාදනයත් කරනවා.
අවුරුදු කුමරා තරගයට ගියේ නළුවෙක් වෙන්න හිතාගෙනම ද?
මගේ මිතුරෙක් තමයි ඒ තරගයට අයදුම්පත් යොමු කළේ. තරගයේ අවසන් තරගකරුවන් අතරට තේරුණු මම එහිදී කඩවසම් සිරුරට හිමි මිණි කිරූළ දිනා ගත්තා.
මේ කාලේ කලා කටයුතු මොනවාද ?
නව නිර්මාණ දෙකක රුප ගත කිරිම් හා දැනට විකාශන වන නිර්මානවල රුපගත කිරීම් සිදු කරනවා.
වැඩියෙන්ම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණු නිර්මාණය මොකක් ද?
හැම නිර්මාණයටම වගේ හොඳ ප්‍රතිචාර ලැබුණා. මේ දිනවල ‘‘බේකරි ගෙදර” ටෙලි නාට්‍යයෙන් ලැබෙන ප්‍රතිචාර ඉතා හොඳයි.
ඉදිරියට තියෙන නිර්මාණ මොනවාද ?
‘‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම” ඉංග්‍රීසි චිත්‍රපටයෙත් තවත් විදේශීය චිත්‍රපටියකටත් රංගනයෙන් දායක විමට නියමිතයි. ඒ වගේම මම ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරීමට සූදානම් ෙවනවා.
අනාගත බලාපොරොත්තු මොනවද?
සිවිල් ඉංජිනේරුවරයෙක් ලෙස නව සොයාගැනිම්වල නිරත වනවා. කලා කටයුතු ගත්තොත් ජාත්‍යන්තර සම්මානයක් දිනා ගැනීමයි මාගේ අරමුණ. මේ හැමදේටම මට ගෙදරින් මවත් පියාත් සහයෝගය ලබා දෙනවා.