Home » අනුරාධපුර සිද්ධියේ ප්‍රධාන සැකකරුව පෙරට්ටුවේ දී හඳුනාගනියි

අනුරාධපුර සිද්ධියේ ප්‍රධාන සැකකරුව පෙරට්ටුවේ දී හඳුනාගනියි

by chanaka
March 28, 2025 2:42 pm 0 comment

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට බරපතළ ලිංගික හිංසන සිදුකළ සැකකරු අද (28) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා වෙත ඉදිරිපත් කළේය.

එහිදී මහේස්ත්‍රාත් නිල කාමරේදී හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවතීමෙන් අනතුරුව එම ලිංගික හිංසනයට පත් වෛද්‍යවරිය විසින් සැකකරුව හඳුනාගෙන තිබේ.

අනතුරුව නැවත මහේස්ත්‍රාත්වරයා වෙත සැකකරුව ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව අප්‍රේල් මස 10වන දින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මේ අතර අධිකරණ විභාගය අතරතුරදී සැකකරුට විශේෂ ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බවට ප්‍රකාශ කිරීමක් සැකකරු විසින් සිදුකර ඇත.

ඒ සඳහා අවස්ථාව පවතින බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division