Home » කැන්ගරු දේශය මහ මැතිවරණයක් කැඳවයි

කැන්ගරු දේශය මහ මැතිවරණයක් කැඳවයි

by chanaka
March 28, 2025 7:54 am 0 comment

ඕස්ට්‍රේලියාව, එරට මහ මැතිවරණය මැයි මස 3 වැනිදා පැවැත්වෙන බව, නිවේදනය කර තිබේ. අගමැති ඇන්තනි ඇල්බනීස් මේ බව දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මත විමසුම් අනාවැකි පළ කරන්නේ, රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් කිසිඳු පක්ෂකට පැහැදිලි බහුතරයක් ලබා ගැනීමට නොහැකි වනු ඇති බවයි.

මීළඟ රජය පිහිටුවීමට නම්, ජයග්‍රහනය කරන පාර්ශ්වයට ස්වාධීන මන්ත්‍රීවරුන් හෝ සුළු පක්ෂ සමඟ වැඩ කිරීමට සිදුවනු ඇති බව, විශ්ලේෂකයින් පවසයි.

ජීවන වියදම් ගැටලු මෙවර මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රබල මාතෘකාවක් වනු ඇතැයි, අපේක්ෂා කෙ‌රෙනවා. අද උදේ පැවති මාධ්‍ය හමුවකදී අගමැති “ඇන්තනී ඇල්බනීස්” කියා සිටියේ, ජීවන වියදමට විසඳුම් ලබා දෙන බවයි.

කෙසේ වුවද, විපක්ෂ නායකවරයා තර්කකර ඇත්තේ වත්මන් රජය ඕස්ට්‍රේලියානුවන්ගේ ජීවිත වැඩිදියුණු කිරීමට අපොහොසත් වී ඇති බවයි.
ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ට ඡන්දය දීම අනිවාර්ය වන අතර, දේශපාලනය සාම්ප්‍රදායිකව ප්‍රධාන පක්ෂ දෙකක් අතර බලය හුවමාරු වීම සිදුවනවා.

බහුතර රජයක් පිහිටුවීමට නම්, අගමැති අසුන් ගන්නා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 150 න් අවම වශයෙන් 76 ක් දිනා ගැනීමට අවශ්‍යවේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division