ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මඟින් පසුගිය 27 වෙනිදා පවත්වන ලද ප්‍රදීප ප්‍රණාම සම්මාන උලෙළේදී ආචාර්ය ඇත්කඳවක සද්ධාජීව හිමියන්ද එම සම්මානයෙන් පිදුම් ලබන ලදී. උන් වහන්සේට එම සම්මානය පිරිනමහන ලද්දේ කථානායක ජගත් වික්‍රමරත්න විසිනි.
බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පවත්වන ලද මේ උත්සවයේදී 65 දෙනකුට උපහාර සම්මාන පිරිනමන ලදී.
ජීවිතයේ එක්වරක් පමණක් පිරිනමනු ලබන ප්‍රදීප ප්‍රණාම සම්මානය පිරිනමනුයේ ජාතික හා ජාත්‍යන්තර තලයේ පිළිගත් සේවාවන් රැසක් සිදු කරන්නා වූ අය සඳහාය. ඒ අනුව අන්තර්ජාතිකව ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාල සේවාවක් සිදු කරන්නා වූ සද්ධාජීව හිමියන්ට මේ උපහාර ගෞරව සම්මානය පිරිනමන ලදී.
ව්‍යාපාරික ලෝකයේ හිණි පෙතටම ගිය හා අමාත්‍යාංශ ලේකම් ධුරය හොබවන රාජ්‍ය සේවකයන්ට මේ උපහාර සම්මානය පිරිනැමේ. මෙවර එම සම්මානයට 465 දෙනකුගේ නම යෝජනා වී තිබුණු අතර සම්මාන උපහාර හිමිවුණේ 65 දෙනකුට පමණි.
සද්ධාජීව හිමියන් අමෙරිකන් මනෝ චිකිත්සක සංගමය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක ආගමික නායක සංවිධානය, තරුණ ආගමික සංවිධානය ඇතුළු සංවිධාන රැසක් නියෝජනය කරති.
සද්ධාජීව හිමියන් විසින් නිර්මාණය කරන ලද න්‍යායක් වන ‘සතිමත්භාවය තුළින් මත්ද්‍රව්‍ය හා මධ්‍යසාරවලට ඇබ්බැහිවූවන් ඉන් සම්පූර්ණයෙන්ම වළක්වාගැනීම’ සම්බන්ධ න්‍යාය අදත් අමෙරිකානු විශ්වවිද්‍යාලයන්හි ඉහළින් පිළිගෙන එම න්‍යාය අධ්‍යයන කටයුතු වෙනුවෙන් යොදා ගැනේ.
එමෙන්ම උන් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය පේරාදෙණිය, විශ්වවිද්‍යාලයන්හි ආරාධිත දෙසුම් විශේෂිත සේවාවක් ලෙසින් පවත්වති.
අමෙරිකාවේ වෙස්ට් වර්ජිනියාවේ වාසය කරනු ලබන උන් වහන්සේ හේනේපොල ගුණරතන නා හිමියන්ගේ සතිමත්බව සම්බන්ධ සියලු කර්තව්‍යන්හි නිරතව කටයුතු කරති.