හෙළයේ මහා කලා මංගල්‍යය වන “සරසවිය සිනමා උලෙළ” සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබුණු සුවිශේෂී වූ අවස්ථාව දේශීය ව්‍යාපාර ආයතනයක් ලෙස ඉමහත් ගෞරවයක් ලෙස සලකන බව හොරණ වාසනා බේකර්ස් (පුද්) සමාගමේ අධ්‍යක්ෂ නන්දන පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හා “සරසවිය” පුවත්පත විසින් 36 වැනි වරටත් සංවිධාන කරන “සරසවිය සිනමා උලෙළේ” විශේෂ අනුග්‍රාහකත්වයක් හිමි කර ගනිමින් ඊට අදාළ රුපියල් මිලියන පහක මුදල ලේක්හවුස් ආයතනය වෙත භාරදීමේ අවස්ථාව සඳහා ලේක්හවුස් ආයතනයේදී පසුගියදා (24) සංවිධාන කර තිබූ විශේෂ වැඩසටහන හා එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
වාසනා බේකර්ස් (පුද් ) සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂ නන්දන පෙරේරා මහතා මෙම අනුග්‍රාහකත්ව චෙක්පත ලේක්හවුස් ආයතනයේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ ගාමිණී වරුෂමාන මහතා වෙත පිරිනැමීය. මෙම අවස්ථාව සඳහා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී චූලානන්ද සමරනායක, ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා, මෙහෙයුම් අධ්‍යක්ෂ චාමර පීරිස්, මුදල් අධ්‍යක්ෂ චන්න කෙවිටියාගල, සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චින්තක යාපා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) ඩී.එම්. දනසේන, දැන්වීම් කළමනාකරු (ප්‍රාදේශීය ව්‍යාපාර ප්‍රවර්ධන) එරන්ද එදිරිමාන්න, ප්‍රචාරණ කළමනාකරු ශාන්ත ජයමහ, සරසවිය පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ හේමාලි විජයරත්න, ඩිජිටල් මාධ්‍ය අංශයේ පද්ධති ඉංජිනේරු අයේෂ් රාජපක්ෂ යන මහත්ම, මහත්මීහු එක්ව සිටියහ.
lඡායාරූපය – වාසිත පටබැඳිගේ