පසුගියදා හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 4 ත් 16 ත් අතර ළමයින් 1500 කට වැඩි පිරිසක් සහභාගී වූ ළමා චිත්‍ර තරගයේ නිල බැංකු සහකරු ලෙස කොමර්ෂල් බැංකුව සහය දක්වන ලදි.
කොමර්ෂල් බැංකුවේ ජනප්‍රිය ළමා ඉතුරුම් ගිණුම වන අරුණලු සමඟ සම්බන්ධ වෙමින් පැවැත්වූ ‘HCM Creative Champs 2025’ නම් තරගයේ ජයග්‍රාහකයින් වෙත පිරිනැමූ කුසලාන සහ ත්‍යාග සඳහා බැංකුව අනුග්‍රහය දැක්වීය. මේ සමඟම කොමර්ෂල් බැංකුවේ ප්‍රදර්ශන කුටියට පැමිණි සෑම පවුලකටම නොමිලයේ තම ඡායාරූප ලබා ගැනීමට අවස්ථාව හිමි වූ අතර අරුණලු ඉතුරුම් ගිණුම විවෘත කළ අය සඳහා අමතර ත්‍යාග පිරිනමන ලදි.