අහස් සිතියමේ ග්‍රහ සංක්‍රමණයේදී නිර්මාණය වන යෝග සිය ගාණනකි. සුබ අසුබ යෝගයන් ද්විත්වයක් වන්නේය. ඔබේ උත්පත්ති කේන්දරයේ පහත දැක්වෙන යෝග තිබේදැයි පරීක්ෂා කර බලන්න.
•මාලවී යෝගය – සිකුරු මීන රාශියේ උච්ච වූ විට රූමත් සිරුරක් පරදන ශ්‍රියා කාන්තාවක් වන්නීය.
•සස යෝගය – තුලාවේ ශනි සිට උපත ලද්දේ නම් වස්තු, සැප, සම්පත්, මූල්‍යමය වාසනාව හිමිවේ. ජීවිතය සාර්ථක වේ.
•සිංහාසන යෝගය – මේෂ, වෘෂභ, වෘශ්චික, මීන, කන්‍යා රාශි සියල්ල ලග්නයෙහි උච්ච වී ස්වක්ෂේත්‍ර වී මිත්‍ර වී සිටි විට මිථුන, ධනු, කුම්භ, සිංහ රාශිය ද ඒ ආකාරයෙන්ම වෙයිනම් ‘සිංහාසන යෝගය’ ඇතිවේ. ජීවිතය උසස් තැනට පත්වේ.
•රුචක යෝගය – මකරයේ කුජ ලග්නගතව සිටියේ නම් තේජස,බලය, කීර්තිය පැතිරේ. ඉතාම බලවත් යෝගයකි. දේශපාලකයන්ට වඩාත් සුබයි. පදවි ලාභ අත්වේ.
•භද්‍රා යෝගය – බුධ ලග්නයේ (කන්‍යාවේ) සිටි විට භද්‍රා යෝගය හරහා සැප සම්පත් හිමිවේ. නුවණ, කීර්තිය අත්වේ. බුද්ධිමත් වේ.
•සිරිනාථ යෝගය – උච්චවූ 7 අධිපති 10තුළ සිටීමෙන් ද 10 අධිපති සංයෝග වීමෙන් ද ‘සිරිනාථ යෝගය’ සෑදේ. බලය – ශක්තිය, මිල මුදල්, සම්පත් ලැබේ. ප්‍රකට චරිතයක් වේ.
•ධන කුවේර යෝගය – හතරවැන්නාධිපති 1, 4, 7, 10, 5, 9, 2 අධිපති 4 සිටියදී උපන්නේ නම් තේජස, බලය, කීර්තිය පතුරන මහා ධන කුවේරයකු වන්නේය. සම්පත් බහුලයි. කීර්තිය ලැබේ.
•ගජකේෂරී යෝගය – මීනයේ ගුරු – සඳු එක්ව සෑදෙන ‘ගජකේෂරී යෝගය’ ඉතාම බලසම්පන්නයි. උගත්කම, මිල මුදල් මෙන් ප්‍රකට චරිතයක් ද වේ. සම්පත් බහුල වේ.
•ඉසුරු යෝගය – ශුභ ග්‍රහයෙක් 1, 5 සිට 9 වැන්න දෘෂ්ටිගත වීමත් 9 වැන්නේ වීමත් හරහා ධනය, සම්පත්, මිල මුදල්, කීර්තිය වහා අත්වේ. 5 අධිපති 11 අධිපති පරිවර්තනය වී සිට අයහපත් වේ. ශනි උච්ච වී තුලා රාශියේ සිටීමෙන් 10, 7, 1 සිකුරු වීමෙන් ද සම්පත් බොහෝ ලැබී වාසනාවන්ත වේ.
•විපුල ධන යෝග – 2, 9, 10 අධිපතියන් අතර ලග්නයෙන් 1, 4, 7, 10 එක් ග්‍රහයෙක්ව සිට 5, 11 අධිපති ගුරු වීමෙන් ධනය, සැපය, කීර්තිය ලැබේ.
•ධන කාරක යෝගය – සිකුරු රහිතව රවි සතුරු නොවී 5, 7 සේම 5, 9, 10, 2, 3 මූල ත්‍රිකෝණ වී හෝ ස්වක්ෂේත්‍ර වී හෝ උච්ච වීමෙන් මහා සම්පත් අත්පත් වේ. ධන කුවේරයෙක් වන්නේය. ලොතරැයි දිනුම් පවා ලැබේ.
•ජ්‍යොතිෂ විද්‍යා යෝග – වෘෂභයේ ගුරු බලවත්ව සිට බුධ ශුක්‍ර 7 බලවත් නම් විවිධ භාෂා ශාස්ත්‍රයන් උගත්, දක්ෂ ජ්‍යොතිෂවේදියෙක් වේ. කීර්තිය පැතිර යයි. තවද 1 4 7 10 හි බුධ අධිපතිව සිට ශුක්‍ර, ගුරු, බුධ, පුර භද්‍ර ශුභයින් 2 – 3 හි උච්ච වී උභය රාශි වීමෙන් ද සිකුරු සිටීමෙන් ද උගත් දක්ෂතම ජ්‍යොතිෂවේදියෙක් වේ. තවත් විවිධ ග්‍රහ පිහිටීම් සංයෝග හරහා ජ්‍යොතිෂය සහ ගුප්ත විද්‍යාවේ දක්ෂයන් උපත ලබයි.
•තාරකා විදුධරයෙක් වීම – කුජ චන්ද්‍ර 02, ගුරු 01, ශුක්‍ර රවි 04, බුධ ශනි 6, කුජ ගුරු පරිවර්තන යෝගය ඇතිව උපන්නේ නම් ඉතාම දක්ෂ ගණිතඥයෙක් වන අතර තාරකා විදුධරයෙක් ද වනු ඇත. දෙස් විදෙස්හි ප්‍රකට නමක් ඇතිවේ.
•නළු නිළි උපත ලබන
කලා සෞන්දර්ය යෝග – සඳු විසින් ශුක්‍ර දැක වෘෂභ, තුලා නවාංශකය සිටි විට සිකුරු සඳු දකිමින් මිථුන කන්‍යාවේ නවාංශකයක යෙදුණහොත් එම ශනි තුලාවේ ද සිට සඳුගේ දැක්ම හරහා උපත ලබන නළුවකු හෝ නිළියක වේ නම් නැටුම්, ගැයුම්, වැයුම්වලට අති දක්ෂවේ.
•හමුදා තනතුරු ලබන රාජ යෝග
ගුරු ශනිගේ රැසක (මකර කුම්භ) කුජ සහ ශනී දැක්මෙන් ද කුජ ශුක්‍ර 10 හිද මකර රැසක් වීම ද සඳු සහ කුජ දැක්මෙන් ද ගුරු 9 වැන්නේ සිටි විට ගුවන් නාවික යුද පොලිස් තනතුරු දැරීමේ ශක්තිය ඇතිවේ. හමුදා නිලධාරියෙක් වේ.
•දක්ෂ ව්‍යාපාරික යෝගය
ගුරු, මකර, කුම්භ, සඳු සමඟ වීමෙන් ද සඳු ගුරු 7 වැන්නේ වීම නිසා ද සඳුගෙන් 10 වැන්නේ රවි බුධ වීමෙන් ද මෙම ග්‍රහ යෝග නිසා ප්‍රකට ව්‍යාපාරිකයෙක් වේ. 10 වැන්නේ කුජ, බුධ බලවත්ව සිංහ ලග්නයෙන් උපන් විට සඳු ලග්නයේ වීමෙන් ද වෙළෙඳාම් ව්‍යාපාර ලෝකයේ ඉදිරියටම යයි. මෙම සුබ ග්‍රහයෝග ඔබේ කේන්දරයේ පිහිටා තිබේදැයි පරීක්ෂා කර බලන්න.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදි හෙන්රි බෙම්මුල්ල