Home » ප්‍රවෘත්ති

ප්‍රවෘත්ති

by Mahesh Lakehouse
March 30, 2025 12:30 am 0 comment

නර්තනාචාරිනී රැජිනි සෙල්වනායගම්ගේ ගුණ සැමරේ

නර්තනාචාරිනී කලාශූරී, කලාභූෂණ, දේශමාන්‍ය රැජිනි සෙල්වනායගම්ගේ 74 වන ජන්ම දිනය 2025 අප්‍රේල් 04 වන දාට යෙදී තිබේ. ඒ වෙනුවෙන් එතුමියගේ භස්මාවශේෂ සුසානඝරය නිරාවරණය කිරීම එදින පෙරවරු 10 ට බොරැල්ල කනත්ත සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි. මෙය සංවිධානය කරනු ලබන්නේ චාමර කලා නිකෙතන ආදි ශිෂ්‍ය සංගමය සහ පවුලේ ඥාතීන් විසිනි.

නයනාංජලී දෙහිපිටිය


‘ආකාස කුසුම්’ නැවතත් පැමිණේ

2008 වසරේ දී ඉන්දියානු ජාත්‍යන්තර සම්මාන උලෙළේ හොඳ ම නිළියට හිමි සම්මානය ඇතුළු ජාත්‍යන්තර සම්මාන රැසක් හිමිකරගත් ‘ආකාස කුසුම් ‘ 4k නව තාක්ෂණයෙන් ප්‍රතිෂ්ඨාපනය අප්‍රේල් 30 වන දා සිට සීමිත දින ගණනක් ,සීමිත සිනමාහල් ප්‍රමාණයක ප්‍රදර්ශනය කිරීමට තීරණය කර තිබේ.

‘ආකාස කුසුම්’ තිරගත වී වසර 17 ක් සම්පූර්ණ වන අතර ‘මාලනී ෆොන්සේකාගේ’ 78 වන ජන්ම දිනය දා (අප්‍රේල් 30)මෙහි විශේෂ දර්ශනයක් ද පවත්වනු ලබයි.


 

ලලිත් ධර්මවර්ධන ඇගයුම් උළෙල

ශ්‍රී ලාංකේය රිදී තිරයට ලාලිත්‍යය එක් කළ ජ්‍යෙෂ්ඨ සිනමා කේශාලංකාර ශිල්පී ලලිත් ධර්මවර්ධන වෙනුවෙන් සංවිධානය කරන ඇගයුම් උළෙල හා සිනමා දැක්ම මාර්තු 31 වන දින දවස පුරා කොළඹ 07, සුදර්ශි ශාලාවේදී පැවැත්වේ.

උදෑසන 10.30ට ඉන්දුට මල් මිටක්, සවස 2.30 ට ඔබටයි ප්‍රියේ ආදරේ සිනමා පට සමඟ සවස 5.00ට උපහාර උළෙල පැවැත්වේ. එදින රාත්‍රි 7.00ට අබා තිරගත වේ.


වාලම්පූරි හෙවත් ‘හීන හතහමාරක්’ එන්න ළඟයි

ලක්මාල් ධර්මරත්නගේ නවතම සිනමා නිර්මාණය වාලම්පුරි හෙවත් හීන හත හතහමාරක් 2025 අප්‍රේල් 25 සිට දිවයින පුරා සිනමාශාලාවල ප්‍රදර්ශනය කෙරේ. ශ්‍රීලංකාව ඇතුළුව ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, එංගලන්තය, ඇමරිකාව, ජපානය, කොරියාව, මේනියාව, ෆින්ලන්තය ඇතුළු රටවල් 15 කට වැඩි ගණනකදී සිංහල සහ දෙමළ බසින්, ඉංග්‍රීසි උපසිරැසි (Subtitles) සහිතව තිරගත වීමට නියමිත ය.

තුමිඳු දොඩම්තැන්න , ප්‍රියන්ත සිරිකුමාර , අශාන් ඩයස් , දර්ශන් ධර්මරාජ් , දිල්හානි ඒකනායක සහ සරත් කොතලාවල ඇතුළු ප්‍රවීණ මෙන්ම අතිදක්ෂ රංගන ශිල්පීන්, ශිල්පිනියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙති.


‘ප්‍රචණ්ඩ 2’ නෙළුම් පොකුණට

ලලිත් පැරකුම් නර්ථන ඇකඩමිය වසර තුනකට වරක් පවත්වන නර්තන ප්‍රසංගය, ප්‍රචණ්ඩ-2 අප්‍රේල් 19වන දින සවස 6.00 ට නෙළුම් පොකුණ රඟහලේ දීපැවැත් වේ.

ලලිත් පැරකුම් නර්ථන ඇකඩමියේ සිසු දරු දැරියන් සමඟ සචින් චතුරංග,දිස්නි රාජපක්ෂ, ටීනා ෂනෙල්, නිලූෂි පවන්‍යා,දසුනි සෙනරත් යන ජනකාන්ත නළු නිළියන්ගේ නර්තනයෙන් ප්‍රසංගය හැඩ වේ. මෙහි කටහඬ දායකත්වය අසංග කරුණාරත්න මහතාගෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division