ප්‍රාදේශීයව විසිරී සිටින ශිල්පීය නිපුණත්වයෙන් යුතු ආදි විද්‍යාර්ථීන් බලගැන්වීමේ මූලික අරමුණෙන් ‘සෞන්දර්යය හඬ’ කෑගල්ල දිස්ත්‍රික් සංවිධානය මඟින් සංවිධාන කරනු ලැබූ චිත්‍ර කලා ප්‍රදර්ශනයක් සහ අළෙවි පොළක් පසුගිය ඉරු දින (16) රඹුක්කන පින්නවල පින්නලන්ද හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
දේශීය හා විදේශීය සංචාරකයන් අතර ශ්‍රී ලාංකීය චිත්‍ර සහ අත්කම් නිර්මාණ පිළිබඳ අවබෝධයක්, රුචිකත්වයක් සහ වෙළඳපොළක් නිර්මාණය කිරීම එහි අරමුණ විය.
මේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පරිසර ඇමති වෛද්‍ය ධම්මික පටබැඳි සහභාගී විය. මේ සඳහා සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ කෑගල්ල දිස්ත්‍රික් ආදි විද්‍යාර්ථින් වන අමරා සුන්දරප්පෙරුම, අනුලා කුමාරි අශාන් විජේසිංහ, චමින්ද පුෂ්පකුමාර, එරන්ද සමරකෝන්, හිමාලි රාජගුරු, ලලනි රාජපක්ෂ, නයනා දිල්රුක්ෂි, නිහාල් ජයරත්න, නිලන්ති වීරසේකර, රත්නා මීදෙනිය, සංජය සමරකෝන්, සුනන්ද බණ්ඩාර, උපේකා විජේසුන්දර විසින් සිතුවම් ඉදිරිපත් කර තිබුණි.
කෑගල්ල දිස්ත්‍රික් සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ චන්න නවරත්න මහතා ඇතුළු පිරිසක් මෙහිදී අදහස් දැක්වූ අතර දේශීය හා විදේශීය සංචාරකයන් චිත්‍ර මිලදී ගැනීමට මහත් උනන්දුවක් දක්වනු දක්නට ලැබිණි.