වේදිකාව, නිවේදනය, පිටපත් රචනය හා අංග රචනය , රංගවේදය වැනි විෂයයන්ගේ වෘත්තීමය විශිෂ්ටත්වය උදෙසා සකස් කරන ලද වැඩමුළු සහ සංවාද රැසක් මාර්තු 28,29,30 කොළඹ කමත පරිශ්රයේ දී පැවැත්වේ. රාජිත දිසානායක, පීටර් ඩී අල්මේදා, නිම්මි හරස්ගම, නදී කම්මැල්වීර, නිපුනි ශාරදා, රුවන්ති චිකේරා, නිශාන්ත ද සිල්වා, නිෂාන් ඩැනියෙල්, චින්තක ලක්මාල් හා ප්රියන්ත දිසානායක ආදීහු වැඩසටහන් මෙහෙයවනු ලබති.
සම්මානනීය කලාකරු පරාක්රම නිරිඇල්ලගේ ‘මකරා’ වේදිකා නිෂ්පාදනයේ දමිළ බසින් කළ ‘කොට්ටම්’ 30 වැනිදා රාත්රී 7.00 ට කමතේදී වේදිකාගත වේ.
www.kolambakamatha.com වෙබ් අඩවියෙන් සවිස්තරාත්මක තොරතුරු ලබාගත හැකිය.
සනි