වසන්තා සන්දනායක මියුසික් ඇකඩමිය විසින් සංවිධානය කරනු ලබන නවපරපුරේ ගායන ශිල්පී විමුක්ති කුලාංගගේ ‘අමබිදු’
ගීත ප්‍රසංගය අප්‍රේල් මස 05දා පානදුර නගර ශාලාවේදී සවස 5.00ට පැවැත්වේ.
එදින විමුක්ති විසින් ගයන ගී පද නිර්මාණ සහ තනු නිර්මාණය කර ඇත්තේ ප්‍රවීණ ගී පද රචක ගාමිණි සන්දනායක විසිනි.
සෙල්ලන්ද කොල්ලෝ අප්‍රේල් 02 ටවර් රඟහලේදී
නාට්‍යවේදි හේමන්ත ප්‍රසාද්ගේ නිර්මාණයක් වන සෙල්ලන්ද කොල්ලෝ වේදිකා නාට්‍ය අප්‍රේල් 02 වැනිදා සවස කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වේ.
සංජීව උපේන්ද්‍ර, ජයනාත් බණ්ඩාර, ප්‍රභා සඳසීලි, සුනෙත් ප්‍රිය, ටිශානි දිසානායක, ශානි තේනුවර, ඔවින් බණ්ඩාර, තරිඳු වනිගසූරිය යන ශිල්පීන් රංගනයෙන් දායක වන සෙල්ලන් ද කොල්ලෝ නිරෝෂ කවිරත්නගේ නිෂ්පාදනයකි.
ඊමේල් කුමාරයා මංගල දර්ශනය අප්‍රේල් 04 වැනිදා
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ නාලක විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන “ඊමේල් කුමාරයා“ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය අප්‍රේල් මස 04දා එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වේ.
මෙම නාට්‍ය 1996දී බ්‍රිතාන්‍ය නාට්‍යකරුවෙකු වන රේ කූනි විසින් රචිත “Run for You Wife“ හාස්‍යමය
චිත්‍රපටයේ අනුවර්තනයක් ලෙස බන්දුල විතානගේ විසින් නිර්මාණය කරන ලදි. එම නාටය සඳහා 1997 වසරේ රාජ්‍ය නාට්‍ය සම්මාන උලෙළේදී හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම අනුවර්තනය යන සම්මාන හිමිවිය.
එම නාට්‍යයේ සාර්ථකත්වය මත බන්දුල විතානගේ විසින් 2013 වසරේදී “රෝමය ගිනි ගනි 2 “ලෙස නිෂ්පාදනය කරන ලදී.
මෙවර නාලක විතානගේ විසින් අධ්‍යක්ෂණය යටතේ චමින්ද සමරසේකර, රංග පෙරේරා සහ චන්දිම අලුත්ගේ ‘රෝමය ගිනිගනී 2’ හි නවීන අනුවාදය ‘ඊමේල් කුමාරයා’ ලෙස නිෂ්පාදනය කර ඇත.
“ඊමේල් කුමාරයා“ නාට්‍ය යේ චරිත් සේනානායක, මාදනී මල්වත්තගේ, අංජලී ලියනගේ, චමින්ද බටුකොටුව, දේව් සුරේන්ද්‍ර, සංගීත් ප්‍රභූ, සිලිදු රංවල යන නළු නිළියෝ රංගනයෙන් දායක වෙති.