Home » මෝදි අගමැතිට ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ සම්මානය

මෝදි අගමැතිට ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ සම්මානය

by chanaka
April 5, 2025 3:38 pm 0 comment

ශ්‍රී ලාංකීය ජනතාව වෙත දක්වන මිත්‍රත්වය සහ සහයෝගීතාව අගයමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වෙත ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ සම්මානය ප්‍රදානය කළේය.

ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් මෙරට රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද (05)ජනාධිපති කාර්යාලයේ පැවති නිල හමුවෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා වෙත මෙම සම්මානය පිළිගැන්වීය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “ සියවස් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක් ” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා මෙරට රාජ්‍ය සංචාරයකට එක්ව සිටී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division