Home » බාලදක්ෂිකා සංගමයෙන් ඔසු උයනක්

බාලදක්ෂිකා සංගමයෙන් ඔසු උයනක්

by Mahesh Lakehouse
April 5, 2025 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ තරුණියන්ගේ ජීවිතවලට අභිමානයක් එක් කරන ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය සිය 108 වැනි උපන්දිනය පසුගියදා (මාර්තු 21) අභිමානවත් ලෙස සැමරුවාය. ඒ නිමිත්තෙන් දිවයින පුරා විවිධ උත්සව සහ වැඩසටහන් සංවිධානය කර තිබුණු අතර, මාර්තු 21 දින කොළඹ පිහිටි ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගම් මූලස්ථානයේදී විශේෂ වැඩසටහනක් පැවැත්විණි. මේ වැඩසටහනට සමගාමිව ලියෝ සමාජය සමඟ එක්ව මූලස්ථාන පරිශ්‍රයේ ඔසු උයනක් ආරම්භ කිරීමද සිදු කෙරිණි.

1917 මාර්තු 21 වන දින ආරම්භ වූ ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය ගැහැනු දරුවන්ගේ පෞද්ගලික වර්ධනයට සහ සමාජයට වටිනා පුරවැසියන් ලෙස දායක වීමට අවශ්‍ය දැනුම සහ කුසලතා ලබා දීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වේ. විවිධ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් මඟින් නායකත්වය, කණ්ඩායම් වැඩ, ගැටලු විසඳීම සහ සමාජ සේවය වැනි වැදගත් කුසලතා ප්‍රගුණ කරන අතරම, විශේෂ දක්ෂතා සහිත ගැහැනු දරුවන් සඳහා ඔවුන්ට සරිලන වැඩසටහන්ද සමාජයේ විවිධ ගැටලුකාරි තත්ත්වයන්ට මුහුණ දී සිටින තරුණියන් උදෙසා ප්‍රජා බාලදක්ෂිකා අංශයක්ද පවත්වාගෙන යනු ලැබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division