අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් අප්‍රේල් මස 13 හා 14 යන දිනවලදි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ඇති දිවයිනේ සියලු සුරාසල් වසා දමන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන එම දෙපාර්තමේන්තුව පවසන්නේ කෙසේ වුවත් 13, 14 දෙදින තුළදී සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිත තරු පන්ති තුනට ඉහළ, සුරාබදු රුපියල් බිලියන 7 බලපත්‍ර සහිත හෝටල් හා විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථානවල රැඳී සිටින විදේශීය සංචාරකයන් සඳහා පමණක් මත්පැන් නිකුත් කළ හැකි බවයි.