Home » රත්නපුරේ තේ ගොවීන්ට ලක්ෂ 520ක අවුරුදු දීමනා

රත්නපුරේ තේ ගොවීන්ට ලක්ෂ 520ක අවුරුදු දීමනා

by Mahesh Lakehouse
April 5, 2025 12:30 am 0 comment
කහවත්තේ තුෂාර හෙට්ටිආරච්චි

2025 සිංහල හින්දු අලුත් අවුරුදු උදාව වෙනුවෙන් පනාවැන්න ඒසීයූ (ACU) තේ කර්මාන්ත ශාලාව මඟින් රුපියල් ලක්ෂ පන්සිය විස්සක දිරි දීමනා බෙදා දීමේ උත්සවයක් පසුගිය දා පැල්මඩුල්ල ගොඩගම ශ්‍රී රත්නසිංහාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි.

රත්නපුර සහකාර තේ කොමසාරිස් නිශාන්ත බටුවන්තුඩාවගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ තේ ගොවීහු 6000කට අධික පිරිසකට මෙමඟින් ප්‍රතිලාභ හිමි කර දී තිබුණි. ඒසීයූ බක්මහ ඉතුරුම් ලෙස වැඩ සටහන නම් කර තිබුණි.2024 වසරේ අප්‍රේල් මාසයේ සිට කුඩා තේ ගොවීන් විසින් සපයනු ලබන අමු තේ දලු කිලෝ එකක් සඳහා රුපියල් දහයක මුදලක් ඉතිරි කරමින් ඊට තේ කර්මාන්ත ශාලාවෙන් සියයට දහයක් එකතු කොට පොලිය සමඟ මෙහිදී බෙදා දුනි.

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය ආර්ථික දුෂ්කරතාවකින් තොරව ගත කිරීමට කුඩා තේවතු හිමියන් අවස්ථාව සලසා දීම වැඩ සටහනේ අරමුණ වෙයි.

මෙම අවස්ථාවට ඒසීයූ තේ කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂ උදේනී ලියනගේ,අම්මඩුව කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේ රොෂාන් ඉද්දමල්ගොඩ, සමස්ත ලංකා කුඩා තේ වතු සමිති සන්ධානයේ සභාපති ජගත් සෙනරත් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ. මෙහිදී විධිමත් පොහොර භාවිතය නවීන තාක්ෂණික උපකරණ භාවිතය මෙන්ම මූල්‍ය සාක්ෂරතාව පිළිබඳව තේ ගොවීන් දැනුවත් කිරීමක්ද සිදු විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division