37
පාදුක්ක, ඉහළ බෝපේ මේධාවී රංග කලායතනයට අනුබද්ධ දුන්කළහේන අනු කලායතනයේ 2025 රංග අභිෂේක මංගල්‍යය, කලායතනාධිපති දේශබන්ධු ටී.බී. අරුණ ප්‍රියන්ත තේනුවර සහ නියෝජ්‍ය කලායතනාධිපති ජී.ඒ.පී. හංසන සහකාර කලායතනාධිපති ජී.ඩී.සී. දිල්හාර මහත්වරුන්ගේ දුන්කළහේන ශ්‍රී සුමන විහාරස්ථානයේදී පසුගියදා පැවැත්විණි. පස් වැනි වරට පවත්වනු ලැබූ මේ හිස වෙස් තැබීමේ හා පයිම්පත් පැලඳවීමේ කලඑළි මංගල්‍යයට සිසු දරුදැරියෝ 11 දෙනෙක් සහභාගි වූහ.