26
බොකන්ඔරුවේ දේවානන්ද අනුනාහිමියන් විසින් තම මවුපියන්ට පින් පිණිස මහා සාංඝික දානයක් පසුගියදා කටාන, බෝලගල ශ්‍රී සුදර්ශනාරාමයේදී පවත්වන ලදි. මේ අවස්ථාවට මෙරට වියත් භික්ෂූහු රැසක් හා විදෙස්ගත භික්ෂූන් වහන්සේ විශාල පිරිසක් වැඩම කර සිටියහ. සුවිශේෂ පරිෂ්කාර රැසක් සමඟින් මෙම දානමය පින්කම සිදු කළ අතර, එහිදී රැස්ව සිටි ගිහි පිරිසටද ආහාරපාන පිරිනැමීමටද දේවානන්ද හිමියන් විසින් කටයුතු කර තිබිණි.