Home » ටියුෂන් ආදායම කෝටි 21,000 පනී

ටියුෂන් ආදායම කෝටි 21,000 පනී

රජ­යට කිසිදු බදු ආදා­ය­මක් නැහැ

by Mahesh Lakehouse
April 5, 2025 12:40 am 0 comment
තාරක වික්‍රමසේකර

නියාමනයක් අත්‍යවශ්‍යයි

උපකාරක පන්ති පවත්වන ආචාර්යවරුන් විසින් වාර්ෂිකව රුපියල් කෝටි 21,000ක් (රුපියල් බිලියන 210ක්) උපයනු ලබන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාද් උපාධි අංශයේ අධ්‍යක්ෂ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල සිළුමිණට පැවසීය.

මෑතකදී සිදු කළ සමීක්ෂණයකට අනුව මේ ගණනය කිරීම් හෙළිව ඇති බවත්, නගරාශ්‍රිතව සිදු කරනු ලබන ඒක පුද්ගල හෝ කුඩා කණ්ඩායම් පන්ති අය කිරීම් මීට ඇතුළත් නොවන බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි. මෙහිදී 3 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ශිෂ්‍යත්ව දරුවන්ගෙන් කෝටි 3,500ක ආදායමක් උපකාරක පන්ති ආචාර්යවරුන් උපයා ගන්නා බවත්, අපොස සාමාන්‍ය පෙළ දරුවන්ගෙන් කෝටි 9,400ක ආදායමක්ද උසස් පෙළ සිසුන්ගෙන් රුපියල් කෝටි 8,000ක ආදායමක්ද උපයන බවත් අනාවරණය වී තිබේ.

මේ ඇතැම් උපකාරක පන්ති රාත්‍රී 12.00ට ආරම්භ කරනු ලබන අතර, එය දරුවන්ගේ මානසිකත්වයට හා ශරීර සෞඛ්‍යයටද විශාල හානියක් බවද පෙන්වා දෙන මහාචාර්යවරයා පැවසුවේ මෙලෙස උපයාගන්නා අතිවිශාල මුදල් කිසිදු බදු ක්‍රමයකට අයත් නොවන බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division