Home » විදුලි රිය බලපත් දීමේදී මගඩි රැසක් වෙලා
රට විරුවන්ට

විදුලි රිය බලපත් දීමේදී මගඩි රැසක් වෙලා

රට නොගිය අයටත් බලපත් දීලා

by Mahesh Lakehouse
April 5, 2025 12:39 am 0 comment
සුභාෂිණි ජයරත්න, සුභද්‍රා දේශප්‍රිය

විදේශ ප්‍රේෂණ මත, එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් වෙත පූර්ණ විදත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේදී විශාල අවභාවිතයක් සිදු වී ඇති බවත්, බලපත්‍ර නිකුත් කිරීමේ මුවාවෙන් වංචාවක් සිදු කර ඇති බවත් අනාවරණය විය.

ඒ පසුගියදා පැවැති කෝපා කමිටුවේදීය.

මේ කාලසීමාවේ වාහන බලපත්‍ර 1,077ක් නිකුත් කර තිබූ බවත්, එයින් බලපත්‍ර 77ක් අවලංගු වී තිබූ බවත් කෝපා කමිටුවේදී විගණකාධිපතිවරයා පෙන්වා දී ඇත.

ප්‍රධාන ආයතන 2ක් බලපත්‍රලාභීන් 640ක් සඳහා පහසුකම් සපයන ආනයනකරු ලෙස කටයුතු කර ඇති බවද මේ මඟින් බලපත්‍ර නිකුත් කිරීමේ මුවාවෙන් වංචාවක් සිදු කර ඇති බවද අනාවරණය වී ඇත.

එසේම 2024 සැප්තැම්බර් 30 දක්වා ආනයනය කර තිබූ වාහන 921ක් සඳහා සුඛෝපභෝගි බදු නිදහස් සීමාව රුපියල් මිලියන 6 සිට 12 දක්වා ඉහළ දැමීම හේතුවෙන් රජයට අහිමි වූ බදු ආදායම රු. බිලියන 2.42ක් බවද වාර්තා වෙයි.

අදාළ කාලසීමාවේ විදේශගත නොවූ පුද්ගලයන් 4ක් වෙනුවෙන්ද විදත් වාහන බලපත්‍ර නිකුත් කර ඇති අතර, මීට අදාළ චක්‍රලේඛය මඟින් විදත් වාහන බලපත්‍ර හිමිකම ලැබීමට විදේශගත වී සිටිය යුතු අවම කාලසීමාවක් නිශ්චය කර නොතිබීම නිසා දින 3 සිට මාස 3 දක්වා වූ කෙටි කාල පරිච්ඡේද තුළ විදේශගතව සිට පැමිණි පුද්ගලයන්ට හා කඩින් කඩ විදේශගත වූ පුද්ගලයන් සඳහාද මේ යෝජනා ක්‍රමය යටතේ බලපත්‍ර දීමට පෙර පැවති කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කර ඇති බව මෙහිදී අනාවරණය විය.

මේ අනුව කෝපා කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ හිටපු අමාත්‍යවරයාගේ අවශ්‍යතාව මත අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් මේ සියලු අවිධිමත් කටයුතු සිදු කර ඇති බවයි. එසේම මේ මඟින් තමන්ගේ තෝරාගත් පිරිසකට වරප්‍රසාද සකසා දීමක් සිදු කර ඇති බව පෙනී යන බවද හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division