Home » අවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය රැසක්

අවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය රැසක්

by Mahesh Lakehouse
April 5, 2025 12:38 am 0 comment
තාරක වික්‍රමසේකර

අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් අප්‍රේල් මස 11 වැනිදා සිට විශේෂ දුම්රිය සේවා ආරම්භ කිරීමට කටයුතු කර ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගමනාගමන) එන්.ජේ. ඉඳිපොලගේ සිළුමිණට කීය. ඔහු පැවසුවේ අප්‍රේල් මස 11, 12, 19, 20 දිනවල කොළඹ කොටුවෙන් රාත්‍රී 7.30ට බදුල්ල බලා විශේෂ දුම්රියයන් ධාවනය වන බවත්, ඒ දිනවල පස්වරු 5.50ට බදුල්ලේ සිට කොළඹ බලාද දුම්රියයන් ධාවනය කරන බවත්ය. එමෙන්ම මරදානේ සිට ගාල්ල දක්වා විශේෂ දුම්රිය 12 හා 13 දෙදින පස්වරු 1.30ට ධාවනයට යොදා ඇති බවද 11 හා 12 දෙදින රාත්‍රී 7.20ට විශේෂ දුම්රියන් ගාල්ල බලා ධාවනයට යොදවනු ලබන බවද ඔහු පෙන්වා දුන්නේය. මරදානේ සිට බෙලිඅත්ත දක්වා දුම්රිය 12, 13, 18, 19 හා 20 දිනවල පස්වරු 4.40ට ධාවනයට යොදා ඇත. 12, 13, 18, 19, 20 දිනවල පෙරවරු 8.25ට බෙලිඅත්ත සිට මරදානට දුම්රියයන් ධාවනයට යොදා තිබේ.

එසේම 12, 13 දෙදින ගාල්ලේ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රියන් (කොළඹ කොටුවෙන් පෙරවරු 6.35ට) ධාවනයට යොදා ඇත‍. අනුරාධපුරයෙන් පස්වරු 3.00ට ගාල්ල බලා දුම්රියයන් ධාවනයට යොදා ඇත. 11 සහ 18 දෙදින කොළඹ කොටුව හා කන්කසන්තුරය අතර නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියයන් 2ක් ධාවනය කෙරේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division