අලුත් අවුරුදු සමයේ පාරිභෝගිකයන්ට කුණු කෑම අලෙවි කරන සහ වැඩි මිලට භාණ්ඩ විකුණන වෙළෙඳුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙන්ම පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ද සිදු කරන වැටලීම් වැඩි කර ඇත.
මේ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1,800ක් පමණ අවුරුදු සමයේ වැටලීම්වල නිරතව සිටින අතර පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ජනවාරි 1 දා සිට මේ දක්වා වැටලීම් 5,000ක් පමණ සිදු කර තිබේ. මේ අනුව මාර්තු 23දා සිට වැටලීම් 84ක් සිදු කර ඇති අතර, වෙළෙඳසල් 408ක් පමණ පරීක්ෂාවට ලක් කර, කල් ඉකුත් වූ ආහාර අලෙවි කළ වෙළෙඳසල් හිමියන් 64 දෙනකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇත.
රට පුරා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවලට අනුයුක්තව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩි අවධානය යොමු කර ඇත්තේ ශරීරයට අහිතකර රසකාරක යොදා අලෙවි කරන ආහාරපාන අලෙවි කරන ස්ථාන වැටලීම සඳහාය.