Home » මාස 3ට රු. බිලියන 61.3ක සුරාබදු ආදායමක්

මාස 3ට රු. බිලියන 61.3ක සුරාබදු ආදායමක්

by Mahesh Lakehouse
April 5, 2025 12:36 am 0 comment
නිමල් රාජපක්ෂ

2025 වසර සඳහා සුරාබදු දෙපාර්තුමේන්තුවට රජය මඟින් රුපියල් බිලියන 242ක ආදායම් ඉල්කයක් දී ඇති අතර, මාස තුනක් ඇතුළත පළමු කාර්තුව සඳහා රජය දී ඇති ආදායම් ඉලක්කය මේ වන විට අබිබවා ගොස් තිබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා ප්‍රකාශ කළේය.

ඒ අනුව 2025 වසරේ ජනවාරියේ සිට මාර්තු මස 31 දින දක්වා ගත වූ මාස තුන ඇතුළත රු. බිලියන 61.3ක සුරාබදු ආදායමක් උපයා ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා පැවසීය. මෙය 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 117.7 %ක වැඩි වීමකි.

මේ වසරේ ජනවාරි 1 සිට මාර්තු 31 දක්වා සුරාබදු ඉලක්කය වන්නේ බිලියන 48කි. එහෙත් එය මේ වන විට 127.7%ක ප්‍රගතියක් බවද සුරාබදු දෙපාර්තුමේන්තුව පෙන්වා දෙයි. එසේ සුරාබදු ආදායම් වැඩි වීමට හේතු වූයේ රජයේ ප්‍රතිපත්ති හා සියලු ශ්‍රේණිවල සුරාබදු නිලධාරීන්ගේ කැප වීමේ ප්‍රතිඵලයක් බවද ඒ මහතා කීය.

මෙහිදී උපාය මාර්ගික ක්‍රමවේදයන්, නව ආරක්ෂිත සලකුණු සහිත ස්ටිකර හඳුන්වාදීම, නීති විරෝධිව නිපදවන ස්ප්‍රීතු විමර්ශන තීව්‍ර කිරීම හා මත්පැන් නිෂ්පාදනාගාර බලපත්‍ර ස්ථාන නිරන්තර පරීක්ෂාවන්ට ලක් කිරීම වැනි ක්‍රියාමාර්ග සුරාබදු ආදායම සුරක්ෂිත කිරිමට බෙහෙවින් ඉවහල් වී ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division