Home » අවුරුදු ආරක්ෂාවට පොලීසියේ 35,000ක්

අවුරුදු ආරක්ෂාවට පොලීසියේ 35,000ක්

by Mahesh Lakehouse
April 5, 2025 12:35 am 0 comment
දීපාල් සමරසේකර

අලුත් අවුරුද්ද වෙනුවෙන් රෙදිපිළි සහ භාණ්ඩ මිල දී ගැනීම සඳහා නගරවලට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධරයන් 35,000ක් පමණ රාජකාරිවල යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සිළුමිණට පැවසීය.

බස්නාහිර පළාතේ නගරවල පමණක් අමතර පොලිස් නිලධාරීන් 6,000ක් පමණ ආරක්ෂක රාජකාරිවල යොදවා ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය.

මීට අමතරව රථවාහන අනතුරු වැළැක්වීම සඳහා පොලිස් රථවාහන අංශ නිලධාරීන්ද අමතරව යොදවා තිබේ. අලුත් අවුරුද්දට භාණ්ඩ මිල දී ගැනීම සඳහා ජනතාව ගම් දනවුවල සිට නගරවලට පැමිණෙන අවස්ථාවේදී සොර සතුරන්ගෙන් නිවාස ආරක්ෂා කිරීමටද පොලීසිය වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර පොලිස් ස්ථාන මඟින් දිනපතා සිදු කරන ජංගම මුර සංචාර මේ දිනවල වැඩි කර ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අවධාරණය කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division