මේ වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය අංශය අඛණ්ඩ ශක්තිමත් වීමක් වාර්තා කර ඇති අතර, පෙර මාසයට සාපේක්ෂව ජංගම ගිණුම් අතිරික්තය සැලකිය යුතු ලෙස ඉහළ යෑම ඊට හේතුව බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මේ සාර්ථකත්වය අත් කරගෙන ඇත්තේ වෙළෙඳ භාණ්ඩ ගිණුම් හිඟය අඩු වීම, සංචාරක ඉපයීම් ඉහළ යෑම, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යෑම සහ රජයේ සුරැකුම්පත් හා කොළඹ කොටස් වෙළෙඳපොළ මිල ඉහළ යෑම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙනි.
මේ අතර, විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක්ද පෙන්නුම් කරයි. 2025 ජනවාරි, පෙබරවාරි මාසවලදී සංචාරකයන් 429,978ක් පැමිණ ඇති අතර, එය 15.6%ක වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයක් පෙන්නුම් කරයි. ජනවාරි, පෙබරවාරි මාසවල විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 1,121ක් වූ අතර, එය 16.3%ක වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවේ සඳහන් වේ.