Home » දළදා වන්දනා සමයේ දන්සල් පවත්වන්න සංවිධාන 100ක්

දළදා වන්දනා සමයේ දන්සල් පවත්වන්න සංවිධාන 100ක්

by Mahesh Lakehouse
April 5, 2025 12:33 am 0 comment
අසේල කුරුළුවංශ

දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දන්සල් සංවිධාන කිරීමට බෞද්ධ මෙන්ම ඉස්ලාම්, හින්දු හා කිතුනු භක්තිකයන්ද ඉදිරිපත්ව සිටින බව මහනුවර මහ නගර සභාව පවසයි.

නව ජාතික හා ආගමික පුනරුදයක් ඇති කරගැනීම අරමුණු කරගනිමින් වසර 16කට පසු පැවැත්වෙන දළදා වන්දනා කාල සීමාව තුළ දන්සල් සංවිධාන කිරීම සඳහා මේ වන විට සංවිධාන 100ක් පමණ නගර සභාවේ ලියාපදිංචිය ලබා තිබෙන බවද මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පසන් පැරකුම් ජයසිංහ මහතා කීය.

තවත් විශාල පිරිසක් ඒ සඳහා ඉල්ලුම් කරමින් සිටින බවත් නගරයේ පවතින ඉඩකඩ සැලකිල්ලට ගනිමින් අදාළ අනුමැතීන් ලබාදීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට සිදුව තිබෙන බවත් ඒ මහතා කීය. දළදා වන්දනාව පැවැත්වෙන 18 සිට 27 දින දක්වා සෑම දිනයකම දළදා මාලිගා පරිශ්‍රය තුළ 30,000 කට ආහාර පාන ලබා දීමට දළදා මාලිගාව සැලසුම් කර තිබේ.

එම පරිශ්‍රයෙන් පිටත දන්සල් පැවැත්වීම සඳහා මහනුවර මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති අතර, ඒ සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලුම් කළ හැකි බවත් නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබන නිරීක්ෂණයකින් පසු අදාළ අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් තීරණය කරන බවත් වෛද්‍ය ජයසිංහ මහතා කීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division