ලංකා සතොස ආයතනය විසින් එළඹෙන අලුත් අවුරුදු උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ 7ක මිල පහළ දැමීමට තීරණය කර ඇත. එසේ මිල අඩු කිරීමට නියමිතව ඇත්තේ ලොකු ලූනු, ටින් මාළු, දුඹුරු සීනි, රතු පරිප්පු, නාඩු සහල්, පාන් පිටි සහ රතු කැකුළු සහල් යන භාණ්ඩවලය.
මෙතෙක් රු. 170ක්ව පැවති ලොකු ලූනු කි.ග්‍රෑ. 1ක මිල රු. 140 දක්වාත්, රු. 280ට පැවති රතු පරිප්පු කිලෝවක මිල රු. 265 දක්වාත්, දුඹුරු සීනි කිලෝවක මිල රු. 277 සිට 255 දක්වාත් ටින් මාළු එකක මිල රු. 420 සිට 395 දක්වාත් රු. 220ට තිබූ නාඩු (ආනයනික) සහල් කිලෝවක මිල රු. 213 දක්වාත් රතු කැකුළු සහල් කිලෝවක මිල රු. 220 සිට 217 දක්වාත් පාන් පිටි කිලෝවක මිල රු. 162 සිට 155 දක්වාත් අඩු වනු ඇත.