මිල කළ නොහැකි සමෘද්ධිමත් පරිසර පද්ධතියකින් හෙබි වෙඩිතලතිව් ගැන බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ එහි ඇති වැදගත්කම නිසාවෙනි. බොහෝ මත්ස්‍යයන්ට, සාගර ජීවීන්ට අභිජනන කාර්යයන්ට පසුබිම් සකසන මෙන්ම මේ වන විට වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු ඌරන්ට නිවහන සපයන මුහුදු තෘණ පරිසරයක් මැවෙන්නේද වෙඩිතලතිව්වලය. එහෙත් මේ, වෙඩිතලතිව්වලින් බැහැරට ගොස් අප නොදකින ඔවුන් අපට පවසන වෙඩිතලතිව් ඇතුළු මන්නාරමේ ජෛව විවිධත්වයේ අපූර්ව කතාවකි.
මන්නාරම යනු ලංකාවටම උරුම වූ සුවිශේෂි පරිසර පදධතියකින් හැඩ වූ අර්ධද්විපයකි. මන්නාරම කියු සැණින් බොහෝ දෙනෙකුගේ මතකයට එක් වන්නේ කර්කෂ භූමි පෙදෙසකි. එහෙත් ඒ කර්කෂ බව තුළ සැඟවුණු බොහෝ දේ ඇත්තේය. ඇසට පෙනෙන කර්කෂ බව හැරෙන්නට මේ පෙදෙසේ ගොඩ නැඟී ඇති අපූර්ව පරිසර විවිධත්වය බොහෝ දෙනෙක් දකින්නේ නැත. අත් විඳින්නේද නැත. භූ විෂමතාව අනුව එක් පැත්තකින් මල්වතු ඔය සහ තවත් පැත්තකින් ගංගා ද්‍රෝණි කිහිපයක් මුහුදට එකතු වන්නේ ද මේ මන්නාරම් පෙදෙසෙනි. විවිධාකාර පරිසර පද්ධතින්ගෙන් අපූර්වත්වයට පත් වූ මේ භූමිය ජෛව විවිධත්වයට එක් කරන්නේ අපූර්ව දායකත්වයකි.
නීල කාබන් පරිසර පද්ධති නමින් වර්තමානයේ ලොවම කතා කරනා පාරිසරික සංකල්පය යටතේ හඳුනා ගත් ප්‍රධාන පරිසර පද්ධති තුන වන කඩොලාන, මුහුදු තෘණ හා ලවණ හැල් දැකිය හැක්කේ මේ මන්නාරමට උරුම වූ පරිසර පද්ධතියේය. නීල කාබන් පරිසර පද්ධති නමින් හඳුන්වන මේ කඩොලාන, මුහුදු තෘණ හා ලවණ හැල් සහිත පරිසර පද්ධති තුන සකස් වන්නේ වෙරළ කලාපය හා සාගරය අතර හමුවන ප්‍රදේශවලය.
බොහෝ දෙනා නොදන්නා මුහුදු තෘණ යනු වෙරළ කලාපයේ සිට සාගරයට විහිදී යන නොගැඹුරු මුහුදු තීරයේ සැකසෙන පරිසර පද්ධතියකි. මේ පරිසර පද්ධතිවලට අමතරව රොන්මඩ පැමිණ තැන්පත් වීමෙන් තවත් අපූර්ව පරිසර පද්ධතියක් සැකසෙන අතර, ඒ මඩහැල් නමැති පරිසර පද්ධතියයි. නීල කාබන් පරිසර පද්ධතිවලට උරුම වන කඩොලාන, මුහුදු තෘණ හා ලවණ හැල් යන පරිසර පද්ධති තුනම යම් යම් ප්‍රදේශවල අපිට දැකිය හැකි වුවත් මඩහැල් දකින්නට ලැබෙන්නේ ඉතාමත් අඩුවෙනි. මඩ උඩින් ඇති කුඩා වතුර තට්ටුවේ පියවි ඇසට නොපෙනෙන ප්‍රකෝටි ගණනන් ඇති ප්ලවාංග හෙවත් අන්වික්ෂීය තත්ත්වයේ ඇති පරිසර ශාක පද්ධති මෙන්ම අන්වීක්ෂීය තත්ත්වයේ ඇති සත්ත්ව ප්ලවාංග ද මේ තුළ රාශියකි. මේවා මන්නාරම් පරිසර පද්ධතියේ සැකසුණු ජෛව විවිධත්වයෙන් අනූන ආශ්චර්යයන්ය.
මහා වෘක්ෂ ගස්වලින් පරිසරයට පිරිසුදු වාතය ලබා දෙන බව අපි දන්නා කරුණකි. එහෙත් මන්නාරම් පරිසර පද්ධතියේ සැකසී ඇති ඇසට නොපෙනෙන කුඩා ශාකවලින්ද, මඩහැල්වල ඇති කුඩා ශාක ප්‍රවාංගවලටත් ප්‍රභාසංස්ලේෂණය කර විශාල කාබන් ප්‍රමාණයක් අවශෝෂණය කර ගන්නටත් ඔක්සිජන් ප්‍රමාණයක් පරිසරය පද්ධතියට නිදහස් කරන්නටත් දක්වන දායකත්වය බොහෝ දෙනා දන්නේ නැත. ඒ කර්කෂ යැයි සැලකෙන පරිසරයෙන් මුදා හැරෙන දායාදයන්ය. සුන්දර විදෙස් සංචාරක පක්ෂින්ගේ ගමන් මාර්ගය වැටී ඇති සුන්දර මන්නාරම සංචාරක පක්ෂින්ගේ නවාතැනකි. අප කර්කෂ යැයි සැලකුවද මේ පරිසර පද්ධතිය කරා දහස් ගණනින් කුරුල්ලන් ඇදෙන්නේ එහි ඇති මුලින් සඳහන් කළ අපූර්ව පරිසර පද්ධතින් නිසාවෙනි. ගහක් කොළක් සරුවට නොවැඩුණද මේ මන්නාරම් පරිසර පද්ධතියේ අපූර්ව ආහාර දාමයන් සකස්ව ඇත්තේය. එපමණක් නොව මඩහැල් සහිත පරිසර පද්ධතියේ දහස් ගණනින් කුරුල්ලන්ට ආහාර සපයන තෝතැන්නකි. සියක්කාරයන් පැමිණ වසන්නේ ද මඩහැල්වල වීම ඊට හොඳම උදාහරණයකි. වනාන්තර මෙන්ම දිනපතා දකින විචිත්‍රත්වයෙන් ඔබ්බට ගොස් මන්නාරමේ ඔබට හමු වන්නේ ස්වයංපෝෂිත පරිසර පද්ධතීන් ගොන්නකි.
ලවණ හැල්ද පරිසර පද්ධතීන්වලට සුවිශේෂි ශුෂ්ක කලාපයේ ශාකවලට සමානකම් දක්වන කුඩා ශාක විශේෂයකි. ඉතාමත්ම විචිත්‍ර ලවණහැල් ලංකාවේ දැකිය හැක්කේ මන්නාරමේ බව පරිසරවේදීන්ගේ අදහසය. මුහුදු වඩදිය යාමනය කරන්නේත් රටට වඩදිය ඇතුළු වීම වළක්වන්නේත් මේ ලවණහැල්ය. ලවණහැල් වෙඩිතලතිව්වල බහුලව දැකිය හැකි අතර මන්නාරමේ අච්චාන්කුලම්, නරික්කුඩා දක්වා ගමන් කරද්දි ඔබ හමුවන අගනා පරිසර පද්ධතින්ය.
කඩොලාන තවත් අපූර්ව නිමැවුමකි. මන්නාරමේ ඔබට දැකිය හැක්කේ ශුෂ්ක ස්ථානවලටම වෙන් වූ කඩොලානවල සුවිශේෂි අනුවර්තනයකි. ඒ, කුරු කඩොලාන ය. කුරු කඩොලාන මන්නාරමේ ඔබ දකින සුන්දර දසුනකි. වෙඩිතලතිව්වල ඇති කඩෙලාන පරිසර පද්ධතියට සුවිශේෂි වන්නේ ඒවා කණ්ඩනය නොවූ එකට ඇති කඩොලානය. ලවණහැල්, මඩහැල් මුහුදු තෘණ මෙන්ම කඩෙලාන ආදිය පරිසර පද්ධතීන්හි එකකට එකක් සම්බන්ධිත දෑය. මුහුදු තෘණවලින් ඔබ්බට ගොස් අති සුන්දර කොරල්පර දැකිය හැක්කේද මන්නාරමේය. ඒ සිලාවතුරේ සිට වෙඩිතලතිව් දක්වා හායනය නොවූ ලංකාවේ හොඳ කොරල්පරය. මේ පරිසර විවිධත්වය නිසා විවිධ ආකාරයේ ධීවර කටයුතු කරන්නට මන්නාරමට හැකි වී ඇත්තේය. ඉස්සන්, කකුළුවන් මෙන්ම පොකිරිස්සන්ට අවශ්‍ය පරිසර පද්ධති මන්නාරමේ වෙයි. නිල් දඬු කකුළුවා ඇත්තේද මන්නාරමේය. ඒ නිසා මන්නාරමේ මත්ස්‍ය කර්මාන්තයට තෝතැන්නකි.
ලංකාවේ මුහුදු තෘණ විශේෂ 16ක් වාර්තා වී ඇත්තේය. මුහුදු තෘණ සහිත පරිසර පද්ධති නිල කාබන් පරිසර පද්ධති වන අතර පෝක් සමුද්‍ර සන්ධිය හා මන්නාරම් බොක්ක අතරතුර එය තවත් සුවිශේෂි ජීවියෙකුට ජීවය දෙන්නේය. රතු දත්ත පොතට ඇතුළත් වූ වදවීමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු ඌරාට ඇවැසි පරිසර පද්ධතියක් ඉතිරිව ඇත්තේද ඒ මන්නාරමේය. එය මුහුදු ඌරන්ගේ අවසාන නිජබිම ය.

lසුභාෂිණි ජයරත්න ල කළ නොහැකි සමෘද්ධිමත් පරිසර පද්ධතියකින් හෙබි වෙඩිතලතිව් ගැන බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ එහි ඇති වැදගත්කම නිසාවෙනි. බොහෝ මත්ස්‍යයන්ට, සාගර ජීවීන්ට අභිජනන කාර්යයන්ට පසුබිම් සකසන මෙන්ම මේ වන විට වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු ඌරන්ට නිවහන සපයන මුහුදු තෘණ පරිසරයක් මැවෙන්නේද වෙඩිතලතිව්වලය. එහෙත් මේ, වෙඩිතලතිව්වලින් බැහැරට ගොස් අප නොදකින ඔවුන් අපට පවසන වෙඩිතලතිව් ඇතුළු මන්නාරමේ ජෛව විවිධත්වයේ අපූර්ව කතාවකි. මන්නාරම යනු ලංකාවටම උරුම වූ සුවිශේෂි පරිසර පදධතියකින් හැඩ වූ අර්ධද්විපයකි. මන්නාරම කියු සැණින් බොහෝ දෙනෙකුගේ මතකයට එක් වන්නේ කර්කෂ භූමි පෙදෙසකි. එහෙත් ඒ කර්කෂ බව තුළ සැඟවුණු බොහෝ දේ ඇත්තේය. ඇසට පෙනෙන කර්කෂ බව හැරෙන්නට මේ පෙදෙසේ ගොඩ නැඟී ඇති අපූර්ව පරිසර විවිධත්වය බොහෝ දෙනෙක් දකින්නේ නැත. අත් විඳින්නේද නැත. භූ විෂමතාව අනුව එක් පැත්තකින් මල්වතු ඔය සහ තවත් පැත්තකින් ගංගා ද්‍රෝණි කිහිපයක් මුහුදට එකතු වන්නේ ද මේ මන්නාරම් පෙදෙසෙනි. විවිධාකාර පරිසර පද්ධතින්ගෙන් අපූර්වත්වයට පත් වූ මේ භූමිය ජෛව විවිධත්වයට එක් කරන්නේ අපූර්ව දායකත්වයකි. නීල කාබන් පරිසර පද්ධති නමින් වර්තමානයේ ලොවම කතා කරනා පාරිසරික සංකල්පය යටතේ හඳුනා ගත් ප්‍රධාන පරිසර පද්ධති තුන වන කඩොලාන, මුහුදු තෘණ හා ලවණ හැල් දැකිය හැක්කේ මේ මන්නාරමට උරුම වූ පරිසර පද්ධතියේය. නීල කාබන් පරිසර පද්ධති නමින් හඳුන්වන මේ කඩොලාන, මුහුදු තෘණ හා ලවණ හැල් සහිත පරිසර පද්ධති තුන සකස් වන්නේ වෙරළ කලාපය හා සාගරය අතර හමුවන ප්‍රදේශවලය. බොහෝ දෙනා නොදන්නා මුහුදු තෘණ යනු වෙරළ කලාපයේ සිට සාගරයට විහිදී යන නොගැඹුරු මුහුදු තීරයේ සැකසෙන පරිසර පද්ධතියකි. මේ පරිසර පද්ධතිවලට අමතරව රොන්මඩ පැමිණ තැන්පත් වීමෙන් තවත් අපූර්ව පරිසර පද්ධතියක් සැකසෙන අතර, ඒ මඩහැල් නමැති පරිසර පද්ධතියයි. නීල කාබන් පරිසර පද්ධතිවලට උරුම වන කඩොලාන, මුහුදු තෘණ හා ලවණ හැල් යන පරිසර පද්ධති තුනම යම් යම් ප්‍රදේශවල අපිට දැකිය හැකි වුවත් මඩහැල් දකින්නට ලැබෙන්නේ ඉතාමත් අඩුවෙනි. මඩ උඩින් ඇති කුඩා වතුර තට්ටුවේ පියවි ඇසට නොපෙනෙන ප්‍රකෝටි ගණනන් ඇති ප්ලවාංග හෙවත් අන්වික්ෂීය තත්ත්වයේ ඇති පරිසර ශාක පද්ධති මෙන්ම අන්වීක්ෂීය තත්ත්වයේ ඇති සත්ත්ව ප්ලවාංග ද මේ තුළ රාශියකි. මේවා මන්නාරම් පරිසර පද්ධතියේ සැකසුණු ජෛව විවිධත්වයෙන් අනූන ආශ්චර්යයන්ය. මහා වෘක්ෂ ගස්වලින් පරිසරයට පිරිසුදු වාතය ලබා දෙන බව අපි දන්නා කරුණකි. එහෙත් මන්නාරම් පරිසර පද්ධතියේ සැකසී ඇති ඇසට නොපෙනෙන කුඩා ශාකවලින්ද, මඩහැල්වල ඇති කුඩා ශාක ප්‍රවාංගවලටත් ප්‍රභාසංස්ලේෂණය කර විශාල කාබන් ප්‍රමාණයක් අවශෝෂණය කර ගන්නටත් ඔක්සිජන් ප්‍රමාණයක් පරිසරය පද්ධතියට නිදහස් කරන්නටත් දක්වන දායකත්වය බොහෝ දෙනා දන්නේ නැත. ඒ කර්කෂ යැයි සැලකෙන පරිසරයෙන් මුදා හැරෙන දායාදයන්ය. සුන්දර විදෙස් සංචාරක පක්ෂින්ගේ ගමන් මාර්ගය වැටී ඇති සුන්දර මන්නාරම සංචාරක පක්ෂින්ගේ නවාතැනකි. අප කර්කෂ යැයි සැලකුවද මේ පරිසර පද්ධතිය කරා දහස් ගණනින් කුරුල්ලන් ඇදෙන්නේ එහි ඇති මුලින් සඳහන් කළ අපූර්ව පරිසර පද්ධතින් නිසාවෙනි. ගහක් කොළක් සරුවට නොවැඩුණද මේ මන්නාරම් පරිසර පද්ධතියේ අපූර්ව ආහාර දාමයන් සකස්ව ඇත්තේය. එපමණක් නොව මඩහැල් සහිත පරිසර පද්ධතියේ දහස් ගණනින් කුරුල්ලන්ට ආහාර සපයන තෝතැන්නකි. සියක්කාරයන් පැමිණ වසන්නේ ද මඩහැල්වල වීම ඊට හොඳම උදාහරණයකි. වනාන්තර මෙන්ම දිනපතා දකින විචිත්‍රත්වයෙන් ඔබ්බට ගොස් මන්නාරමේ ඔබට හමු වන්නේ ස්වයංපෝෂිත පරිසර පද්ධතීන් ගොන්නකි. ලවණ හැල්ද පරිසර පද්ධතීන්වලට සුවිශේෂි ශුෂ්ක කලාපයේ ශාකවලට සමානකම් දක්වන කුඩා ශාක විශේෂයකි. ඉතාමත්ම විචිත්‍ර ලවණහැල් ලංකාවේ දැකිය හැක්කේ මන්නාරමේ බව පරිසරවේදීන්ගේ අදහසය. මුහුදු වඩදිය යාමනය කරන්නේත් රටට වඩදිය ඇතුළු වීම වළක්වන්නේත් මේ ලවණහැල්ය. ලවණහැල් වෙඩිතලතිව්වල බහුලව දැකිය හැකි අතර මන්නාරමේ අච්චාන්කුලම්, නරික්කුඩා දක්වා ගමන් කරද්දි ඔබ හමුවන අගනා පරිසර පද්ධතින්ය. කඩොලාන තවත් අපූර්ව නිමැවුමකි. මන්නාරමේ ඔබට දැකිය හැක්කේ ශුෂ්ක ස්ථානවලටම වෙන් වූ කඩොලානවල සුවිශේෂි අනුවර්තනයකි. ඒ, කුරු කඩොලාන ය. කුරු කඩොලාන මන්නාරමේ ඔබ දකින සුන්දර දසුනකි. වෙඩිතලතිව්වල ඇති කඩෙලාන පරිසර පද්ධතියට සුවිශේෂි වන්නේ ඒවා කණ්ඩනය නොවූ එකට ඇති කඩොලානය. ලවණහැල්, මඩහැල් මුහුදු තෘණ මෙන්ම කඩෙලාන ආදිය පරිසර පද්ධතීන්හි එකකට එකක් සම්බන්ධිත දෑය. මුහුදු තෘණවලින් ඔබ්බට ගොස් අති සුන්දර කොරල්පර දැකිය හැක්කේද මන්නාරමේය. ඒ සිලාවතුරේ සිට වෙඩිතලතිව් දක්වා හායනය නොවූ ලංකාවේ හොඳ කොරල්පරය. මේ පරිසර විවිධත්වය නිසා විවිධ ආකාරයේ ධීවර කටයුතු කරන්නට මන්නාරමට හැකි වී ඇත්තේය. ඉස්සන්, කකුළුවන් මෙන්ම පොකිරිස්සන්ට අවශ්‍ය පරිසර පද්ධති මන්නාරමේ වෙයි. නිල් දඬු කකුළුවා ඇත්තේද මන්නාරමේය. ඒ නිසා මන්නාරමේ මත්ස්‍ය කර්මාන්තයට තෝතැන්නකි. ලංකාවේ මුහුදු තෘණ විශේෂ 16ක් වාර්තා වී ඇත්තේය. මුහුදු තෘණ සහිත පරිසර පද්ධති නිල කාබන් පරිසර පද්ධති වන අතර පෝක් සමුද්‍ර සන්ධිය හා මන්නාරම් බොක්ක අතරතුර එය තවත් සුවිශේෂි ජීවියෙකුට ජීවය දෙන්නේය. රතු දත්ත පොතට ඇතුළත් වූ වදවීමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු ඌරාට ඇවැසි පරිසර පද්ධතියක් ඉතිරිව ඇත්තේද ඒ මන්නාරමේය. එය මුහුදු ඌරන්ගේ අවසාන නිජබිම ය. මන්නාරමේ වැලි සහිත මුහුදු තීරය තවත් සුවිශේෂි පරිසර පද්ධතියක් මවන්නේය. ඒ මාදම් සහ තල් වැනි භෝගවලින් මිශ්‍ර වූ පරිසර පද්ධතියකි. එසේම වැලි පර සහිත පරිසර පද්ධතින්ද දැකිය හැකි වන්නේ මන්නාරමේය. මන්නාරමේ විවිධ තැන්වල හමුවන උස්බිම්වලදි හමුවන සුළං දරාගත හැකි ගස් කුරු ගස් බවට පත්ව ඇති අයුරු අපූරුය. සිලාවතුරේ නැමුණු පළුගස් සහිත පරිසර පද්ධති හමු වන්නේ ඒ නිසාය. ලංකාවේ දිවියා, වලහා, අලියා යන සතුන් වෙරළ කලාපයේ අද්දර දක්වාම එන්නේ මේ සම්බන්ධතාව පැවැති පරිසර පද්ධති හමුවන නිසාය. පුත්තලමේ තබ්බෝවේ සිට විල්පත්තුව හරහාත් මන්නානාරම සිට පූනරින් දක්වාත් සත්තුනට පරියටන මාර්ගයක් වන්නේ මන්නාරමය. එහෙයින් මන්නාරම යනු වෙඩිතලතිව්වලින් ඔබ්බට ගිය විවිධ පරිසර පද්ධති සමූහයක එකතුවක් බව පැහැදිලි කරුණකි. එහි වැදගත්කම වන්නේ එකකට එකක් ඒ ඒ පරිසර පද්ධති මත යැපීමයි. පසුගිය කාලයේ වෙඩිතලතිව් ස්වභාවික රක්ෂිතයේ වැදගත්කම නිසා ලංකාවට ආවේණික නොවූ ඉස්සන් වගාකිරීමට යෑම හේතුවෙන් සියලු පරිසරවේදිහු මෙන්ම ජනතාව දැක්වූයේ දැඩි විරෝධයකි. ඒ මන්නාරම මෙන්ම වෙඩිතලතිව් ආරක්ෂා කළ යුතු වූ නිසාය. අදත් මන්නාරම යනු පුනර්ජනනීය බලශක්ති, විවිධ මත්ස්‍ය වගා කිරීම් සඳහා තෝරාගත් බිමකි. මේ පුනර්ජනනීය බලශක්තීන් සිදුවිය යුත්තේ අපේ පරිසර පද්ධති ආරක්ෂා කරමිනි. කුවේණි විජය ගමන සංකේතවත් කරන විල්පත්තුව, මාන්තෙයි වෙළෙද වරායක් හිමි සුවිශේෂි අතීතයක් උරුම මන්නාරම ආරක්ෂා කළ යුතුව ඇත. මානව ක්‍රියා නිසියාකාරයෙන් නියාමනය නොකළේ නම් මේ පද්ධති නැති කළ හැක්කේ කෙසේ යන්න පරිසරවේදීහු පෙන්වා දී ඇත. ඊට හොඳම උදාහරණය මුදල් ලබා ගැනීමට මුතු බෙල්ලන් එකතු කිරීමත් ඒ හේතුවෙන් පරිසර පද්ධතියෙන් මේ මුතුබෙල්ලන් වඳවී යාමත්ය. අද මන්නාරමේ ඒ ජීවනෝපාය කරගෙන ගිය පිරිසකගේ ජීවනෝපාය නැති වී ඇත්තේය. මන්නාරමේ ජනතාවගේ ජීවනෝපාය අරමුණු කරමින් සියල්ල යහපත්ව සිදුවිය යුතුවා සේම පරිසර පද්ධති ඛණ්ඩනය නොවී පවත්වා ගෙන යායුතු වීම බලධාරීන්ගේ වගකීමය. විනාශ වූ පරිසර පද්ධතියක් නැවත සැකසීම ලෙහෙසි පහසු නැත. මන්නාරමේ ජෛව හා පරිසර විවිධත්වය අපට හිමි පොදු ප්‍රාග්ධනයක් ලෙස සංරක්ෂණය විය යුතුය.
මන්නාරමේ වැලි සහිත මුහුදු තීරය තවත් සුවිශේෂි පරිසර පද්ධතියක් මවන්නේය. ඒ මාදම් සහ තල් වැනි භෝගවලින් මිශ්‍ර වූ පරිසර පද්ධතියකි. එසේම වැලි පර සහිත පරිසර පද්ධතින්ද දැකිය හැකි වන්නේ මන්නාරමේය. මන්නාරමේ විවිධ තැන්වල හමුවන උස්බිම්වලදි හමුවන සුළං දරාගත හැකි ගස් කුරු ගස් බවට පත්ව ඇති අයුරු අපූරුය. සිලාවතුරේ නැමුණු පළුගස් සහිත පරිසර පද්ධති හමු වන්නේ ඒ නිසාය. ලංකාවේ දිවියා, වලහා, අලියා යන සතුන් වෙරළ කලාපයේ අද්දර දක්වාම එන්නේ මේ සම්බන්ධතාව පැවැති පරිසර පද්ධති හමුවන නිසාය. පුත්තලමේ තබ්බෝවේ සිට විල්පත්තුව හරහාත් මන්නානාරම සිට පූනරින් දක්වාත් සත්තුනට පරියටන මාර්ගයක් වන්නේ මන්නාරමය. එහෙයින් මන්නාරම යනු වෙඩිතලතිව්වලින් ඔබ්බට ගිය විවිධ පරිසර පද්ධති සමූහයක එකතුවක් බව පැහැදිලි කරුණකි. එහි වැදගත්කම වන්නේ එකකට එකක් ඒ ඒ පරිසර පද්ධති මත යැපීමයි.
පසුගිය කාලයේ වෙඩිතලතිව් ස්වභාවික රක්ෂිතයේ වැදගත්කම නිසා ලංකාවට ආවේණික නොවූ ඉස්සන් වගාකිරීමට යෑම හේතුවෙන් සියලු පරිසරවේදිහු මෙන්ම ජනතාව දැක්වූයේ දැඩි විරෝධයකි. ඒ මන්නාරම මෙන්ම වෙඩිතලතිව් ආරක්ෂා කළ යුතු වූ නිසාය. අදත් මන්නාරම යනු පුනර්ජනනීය බලශක්ති, විවිධ මත්ස්‍ය වගා කිරීම් සඳහා තෝරාගත් බිමකි. මේ පුනර්ජනනීය බලශක්තීන් සිදුවිය යුත්තේ අපේ පරිසර පද්ධති ආරක්ෂා කරමිනි. කුවේණි විජය ගමන සංකේතවත් කරන විල්පත්තුව, මාන්තෙයි වෙළෙද වරායක් හිමි සුවිශේෂි අතීතයක් උරුම මන්නාරම ආරක්ෂා කළ යුතුව ඇත. මානව ක්‍රියා නිසියාකාරයෙන් නියාමනය නොකළේ නම් මේ පද්ධති නැති කළ හැක්කේ කෙසේ යන්න පරිසරවේදීහු පෙන්වා දී ඇත. ඊට හොඳම උදාහරණය මුදල් ලබා ගැනීමට මුතු බෙල්ලන් එකතු කිරීමත් ඒ හේතුවෙන් පරිසර පද්ධතියෙන් මේ මුතුබෙල්ලන් වඳවී යාමත්ය. අද මන්නාරමේ ඒ ජීවනෝපාය කරගෙන ගිය පිරිසකගේ ජීවනෝපාය නැති වී ඇත්තේය. මන්නාරමේ ජනතාවගේ ජීවනෝපාය අරමුණු කරමින් සියල්ල යහපත්ව සිදුවිය යුතුවා සේම පරිසර පද්ධති ඛණ්ඩනය නොවී පවත්වා ගෙන යායුතු වීම බලධාරීන්ගේ වගකීමය. විනාශ වූ පරිසර පද්ධතියක් නැවත සැකසීම ලෙහෙසි පහසු නැත. මන්නාරමේ ජෛව හා පරිසර විවිධත්වය අපට හිමි පොදු ප්‍රාග්ධනයක් ලෙස සංරක්ෂණය විය යුතුය.