Ceyline Group අනුබද්ධ Cargoserv Shipping සමාගම, භාණ්ඩ ප්‍රවාහනයේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Prima Ceylon සමඟ අත්වැල් බැඳගෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම බහු – මාදිලි දුම්රිය භාණ්ඩ ප්‍රවාහන විසඳුම හඳුන්වා දෙයි.
මෙරට දුම්රිය පද්ධතිය පාදක කරගත්, මෙම ප්‍රවාහන හා ප්‍රති – ප්‍රවාහන විසඳුම තුළින්, භාණ්ඩ ප්‍රවාහනයේදී සිදු වන පාරිසරික බලපෑම සැලකිය යුතු ලෙස අඩු කරන අතර, සමාගම්වල සැපයුම් දාම කාර්යක්ෂමතාවද වැඩි කෙරේ. නෙස්ලේ සමාගම දැනටමත් මෙම විසඳුම භාවිත කරයි. මෙම, විප්ලවීය දුම්රිය භාණ්ඩ ප්‍රවාහන විසඳුමේ ඇති විශ්වසනීයත්වය පිළිබඳ Cargoserv Shipping විසින් Prima Group හා එක්ව, 2021 ජනවාරි මාසයේ සිටම දැඩි ලෙස පරීක්ෂා කර ඇති අතර, ඉන් සනාථ වන්නේ, මෙම නවතම භාණ්ඩ ප්‍රවාහන ජාලය උපයෝගී කරගෙන, කිසිදු බාධාවකින් තොරව කාර්යක්ෂම අයුරින් මෙරට සමාගම්වල අවශ්‍යතා අනුව භාණ්ඩ ප්‍රවාහනය සහතික කෙරෙන බවයි.