ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) පිහිටා ඇති කොළඹ හෝටල් කළමනාකරණ ඇකඩමිය (CAHM), 2013 වසරේ පටන් ඔස්ට්‍රේලියාවේ William Angliss Institute සමඟ පවත්වා ගෙන යන සහයෝගිතාව අලුත් කරනු ලැබීය.
CAHM, හෝටල් ක්ෂේත්‍රය මෙන්ම, සංචාර සහ සංචාරක ව්‍යාපාරය, වාණිජ ආහාර පිසීම, පේස්ට්‍රි සහ වැඩසටහන් සංවිධානය ආදී ක්ෂේත්‍රයන්හි වෘත්තීය නිපුණතා සම්බන්ධ විශේෂඥ ඔස්ට්‍රේලියානු ආයතනයක් වන විලියම් ඇන්ග්ලිස් ආයතනයේ සහතිකය පිරිනමන ආයතනයකි. එමඟින්, ඔස්ට්‍රේලියානු විෂය මාලාව ඉගැන්වීම් කටයුතු හා එහි ඇගයීම් කටයුතු, දේශීය හා ජාත්‍යන්තර සුදුසුකම්ලත් ක්ෂේත්‍රයේ විශේෂඥ පුහුණුකරුවන් මඟින් සිදු කෙරේ.
William Angliss Institute (WAI), වෙනුවෙන් පැමිණි නියෝජිත කණ්ඩායමට එම ආයතනයේ සභාපති ජෝන් පැන්ඩසොපොලොස්, ප්‍රමුඛ නිලධාරීන් පිරිස සහ CAHM වෙනුවෙන් එහි සභාපති එරල් වීරසිංහ ප්‍රමුඛ පිරිස සහභාගි වූහ.