Home » ප්ලාස්ටික් ප්‍රතිචක්‍රියකරණයට GP සහතිකකරණය හඳුන්වා දෙයි

ප්ලාස්ටික් ප්‍රතිචක්‍රියකරණයට GP සහතිකකරණය හඳුන්වා දෙයි

by Mahesh Lakehouse
April 6, 2025 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ තිරසර අපද්‍රව්‍ය කළමනාකරණයට මහඟු පිටිවහලක් දෙන නව ප්ලාස්ටික් ප්‍රතිචක්‍රියකරණ සහතික කිරීමේ ක්‍රමවේදයක් – GP Certified නමින් පසුගියදා කොළඹ දී හඳුන්වා දෙනු ලැබීය. මෙම ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබුවේ Island Climate Initiative (ICI) ආයතනය විසිනි.

GP Certified යනු, ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රියකරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව ක්‍රියාත්මක කිරීමට මඟ පෙන්වමින් මෙරටට මුල් වරට හඳුන්වා දෙන උසස් තත්ත්ව සහතිකයකි. එහිදී ICl නිලධාරීන් පැවසුවේ, ” ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය ජාත්‍යන්තරව පිළිගත් නිර්ණායක අනුව ක්‍රියාත්මක කිරීමට මෙය උපකාරී වේ… ” ලෙස යි.

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණයේ අභියෝග ලෙස වසරකට ටොන් ගණනින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය පාරිසරයට මුදාහැරෙයි. එයින් ප්‍රතිචක්‍රියකරණය කරනු ලබන්නේ 4% පමණි. ඉතිරි 96% දහනය කිරීම, කසළ ලෙස බැහැර කිරීම හෝ ජල මාර්ගවලට මුදා හැරීම හේතුවෙන් විශාල ලෙස පරිසරික හා සාගර ජල දූෂණයට මඟ පාදයි. GP Certified ක්‍රමවේදය මෙම ගැටලුවට විසඳුමකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division