පැල්වත්ත කිරි සමාගමේ අතිසාර්ථක “කිරි ඉතිරෙන මිලියනයක්” තරග වැඩසටහනේ අවසානය, පසුගිය අප්‍රේල් 02 දා කොළඹ BMICH පරිශ්‍රයේ දී මාධ්‍ය සාකච්ඡාවක් සහ ත්‍යාග ප්‍රදානෝත්සවයක් ලෙස උත්සවාකාරයෙන් යුතුව නිමාව දකින ලදි.
මාස දෙකකට අධික කාලයක් පැවැත්වුණු මෙම තරගයට පැල්වත්ත සම්පූර්ණ යොදය සහිත කිරි පිටි 400g හිස් පැකට් 2 ක්, නම ලිපිනය ආදී විස්තර සමඟ පැල්වත්ත සමාගම වෙත එවන ලෙස දැනුම් දෙන ලදි. සෑම සතියකම එක් වාසනාවන්ත ජයග්‍රාහකයකු හට රු. 100,000 ක ත්‍යාග මුදලක් හිමි වූ අතර, අවසාන මහා තරගයේ දී, රු. 1,000,000 ක විශාල ත්‍යාග මුදලක් අවසාන ජයග්‍රාහකයාට හිමි විය. ජයග්‍රාහකයින් රටේ විවිධ පළාත්වලින් තේරී පත් වූ අතර, එය පැල්වත්ත කිරි, රටේ සෑම කොනකම විසිරී පැතිරී ඇති බව පෙන්නුම් කෙරෙන හොඳම සාක්ෂියකි.