ශ්‍රී ලංකාවේ ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛ සමාගමක් සහ ඇබර්ඩීන් හොල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන, Ex-Pack Corrugated Cartons PLC සමාගම, 2025 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කැලණිය ප්‍රදේශයේ පිහිටි තම අතිනවීන කර්මාන්තශාලා පරිශ්‍රයේදී විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබිණි.
සමාගම වෙනුවෙන් එහි සේවිකාවන් ලබා දෙන දායකත්වය අගයනු වස් සංවිධානය කරන ලද මෙම වැඩසටහන හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, සවිබල ගැන්වීම සහ සේවාස්ථාන සුබසිද්ධිය වෙනුවෙන් සමාගමේ කැපවීම පිළිබිඹු විය.
මෙවර කාන්තා දින සැමරුමේදී සේවිකාවන්ගේ මානසික සුවතාව පිළිබඳ වැඩි අවධානයක් යොමුවිය. සමාගමේ විවිධත්ව, සමානාත්මතා සහ අන්තර්කරණ (DEl) ප්‍රතිපත්ති මත සමාගම සිය 300ක සේවක කාර්යමණ්ඩලය වෙනුවෙන් ගෙන ඇති විවිධ පියවර ද මෙහිදී සැමරුමට ලක්කෙරිණි. නායකත්වය සහ කාන්තාවන් සවිබල ගැන්වීමට සමාගමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට ලබා දුන් දායකත්වය වෙනුවෙන් සේවිකාවන් කිහිප දෙනකු ද මෙහිදී ඇගැයීමට ලක් කෙරිණි.