Home » සිංගර්, nubia ස්මාට් ජංගම දුරකතන පෙළ හඳුන්වා දෙයි

සිංගර්, nubia ස්මාට් ජංගම දුරකතන පෙළ හඳුන්වා දෙයි

by Mahesh Lakehouse
April 6, 2025 12:30 am 0 comment

සිංගර් සමාගම විසින් නව්‍යකරණය සහ සුවපහසුව එක් කළ නවතම nubia ස්මාට් ජංගම දුරකතන පෙළ ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත හඳුන්වා දී තිබේ. නවීන තාක්ෂණයෙන් හා සරල නිමාවකින් යුතු මෙම නවතම ස්මාට් ජංගම දුරකතන පෙළ පාරිභෝගිකයින්ට අසමසම අත්දැකීමක් ලබා දෙන විශේෂාංග රැසකින් සමන්විතය. මෙම නව නිෂ්පාදන අතරට nubia V70 series, nubia Music සහ nubia Neo gaming series ඇතුළත් වේ.

මේ පිළිබඳ සිංගර් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන සඳහන් කළේ, “nubia හි නව්‍යකරණය හා උසස් තාක්ෂණය මූලික කරගත් නවතම නිෂ්පාදන පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දීම අපගේ හවුල්කාරීත්වයේ විශිෂ්ටත්වයට කදිම සාක්ෂියක්. අප සතු පුළුල් බෙදාහැරීම් ජාලය හා විශිෂ්ටත්වය වෙනුවෙන් වූ කැපවීම සමඟ පාරිභෝගික ජීවන රටාවට මනාව ගැළපෙන ස්මාට් ජංගම දුරකතන අත්දැකීමක් මෙම නව නිෂ්පාදන පෙළින් ලබා දෙනු ඇතැයි මම විශ්වාස කරනවා…” යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division